IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


රෝග තුනක් මැඩලන්න ගෝලීය අරමුදලින් ආධාර

(අංජුල මහික වීරරත්න)

එච්.අයි.වී / ඒඩ්ස්, ක්ෂය රෝගය සහ මැලේරියාවට එරෙහිව සටන් කිරීම සඳහා වූ ගෝලීය අරමුදල මඟින් සලසනු ලබන ප්‍රදාන අරමුදල් යටතේ එම රෝග කළමනාකරණය, වැළැක්වීම සහ පාලනය කිරීම සඳහා වන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට කැබිනට අනුමැතිය ලැබී ඇත.

එච්.අයි.වී,ඒඩ්ස්, ක්ෂය රෝගය සහ මැලේරියාව යන රෝග ත්‍රිත්වය කළමනාකරණය, වැලැක්වීම සහ පාලනය කිරීමට සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ 2002 සිට එච්. අයි.වී ,ඒඩ්ස්, ක්ෂය රෝගය සහ මැලේරියාවට එරෙහිව සටන් කිරීම සඳහා වූ ගෝලීය අරමුදල (GFATM) ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලැබ ඇත. 2021 වර්ෂයේ සිට එම ව්‍යාපෘතිය යටතේ ක්ෂය රෝගය සහ එච්.අයි.වී, ඒඩ්ස් යන සංරචක දෙක පමණක් ක්‍රියාත්මක කර තිබේ. 

ක්ෂය රෝගය පාලනය කිරීම සඳහා වන ජාතික උපාය මාර්ගික සැලැස්මේ සහ ශ්‍රී ලංකාවේ එච්.අයි.වී, ඒඩ්ස් වසංගතය අවසන් කිරීම සඳහා වන 2023-2027 ජාතික උපාය මාර්ග සැලැස්මේ නියමිත ඉලක්ක සහ අරමුණු සාක්ශාත් කර ගැනීම සඳහා 2025-2027 ආධාර ප්‍රදාන චක්‍රය ක්‍රියාත්මක කිරීම යෝග්‍ය බවට හඳුනාගෙන ඇත. 2025-2027 කාලය තුළ ක්ෂය රෝග සංරචකය සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 2.97 ක අරමුදල් සහ එච්.අයි.වී, ඒඩ්ස් පාලන වැඩසටහන සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 6.38 ක අරමුදල් ලබා දීමට එච්.අයි.වී , ඒඩ්ස්, ක්ෂය රෝගය සහ මැලේරියාවට එරෙහිව සටන් කිරීම සඳහා වූ ගෝලීය අරමුදල විසින් එකඟතාව පළ කර ඇත. 

ඒ අනුව, එකී ප්‍රදාන අරමුදල් භාවිත කරමින් එකී ව්‍යාපෘති දෙක වෙන් වෙන්ව ක්‍රියාත්මක කිරීම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (0)

රෝග තුනක් මැඩලන්න ගෝලීය අරමුදලින් ආධාර

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 520 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2252 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1683 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site