IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


රේගුවේ නමින් වංචා ඉහළ ගිහිල්ලා

(යොහාන් භාසුර)
රේගු දෙපාර්තමේන්තුව සම්බන්ධ තොරතුරු සහ විස්තර භාවිතා කර ජනතාව රවටා මූල්‍ය වංචා කිරීම ඉහළ ගොස් ඇති බව රේගු දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.
රේගු දෙපාර්තමේන්තුවේ ලිපි ශීර්ෂ, දුරකථන අංක සහ රේගු නිලධාරීන්ගේ නම් යොදා ගනිමින් කරන වංචා ඉහළ ගොස් ඇති බවත් නාදුනන පුද්ගලයන්ගේ බැංකු ගිණුම්වලට මුදල් තැන්පත් නොකරන ලෙස ඉල්ලා සිටින බවත් එම නිලධාරියා කීය.
රේගුවේ නම භාවිතා කරමින් වංචා කරන පුද්ගලයන් පිළිබඳව හැකි ඉක්මණින් දැනුවත් කරන ලෙස ද එම නිලධාරියා වැඩි දුරට සඳහන් කළේය. 

 



අදහස් (4)

රේගුවේ නමින් වංචා ඉහළ ගිහිල්ලා

Muthu Sunday, 20 August 2023 04:03 PM

ලංකාවේ රේගුව නිකන් ආගමික අසපුවක් වගේ.. මේ වගේ රේගුවට වංචා නම් පටබඳින අයට නම් හොඳක් වෙන්නේ නෑ. නිකන් රේගුවේ ඉන්න ලිපිකරු ගෙදරකට ගිහින් බලන්න කොච්චර දුප්පත් මිනිස්සුද කියලා.... ලොකු නිලධාරීන් නම් හරිම අමාරුවෙන් ජීවත් වෙන්නේ... ඉංජිනේරුවෝ, වරලත් ගණකාධිකාරිවරු අමාරුකම් නිසා රට ගියාට රේගුනිලධාරීන් රට යන්නේ නෑ. තමන් උන්නු රටට ආදරේ මිනිස්සු. අපේ රේගුව තමයි ලෝකේ තියෙන අවංකම රේගුව. මම කියන්නේ බොරු නම් මැදපෙරදිග දුක් විඳලා ගෙදරට එකපාරක් හරි බඩු පෙට්ටියක් එවපු දුප්පත් අම්මා කෙනෙක්ගෙන් අහලා බලන්න. කන්ටේනර් පිටින් බඩු ගේන ලොකු ජාවාරම් කාරයින්ගෙන් පස්සේ අහලා විස්තර දැනගන්න පුළුවන්. මේ ළඟදී හොයා ගත්තු කෝටි 7 - 8 වටිනා ජීප් වගේ වාහන 400 හොර පාරෙන් ගෙනත් හොරට ලියාපදිංචි කරලා කියලා. මේවත් රේගුව අපහාස කරන්න ගහන ප්ලෑන්. මොකද ඔය වාහන නැවෙන් මුහුදට වැටිලා වෙරළට ගහගෙන ඇවිත්, උදේට ව්‍යායාම කරන්න වෙරළට ගිය මිනිස්සුන්ට හම්බ වෙච්චි ඒවා වෙන්න බැරිද?

:       0       23

ajithSunday, 20 August 2023 05:35 PM

ලංකාවේ බොරුව, දූෂණය, වංචාව නොමැති තැනක් කියන්න..

:       0       2

Roshan Sunday, 20 August 2023 05:06 PM

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ රේගුව කියන්නේ කම්බ පට්ට හොර රාජ්‍ය සේවකයෝ ඉන්න මහ එකාගේ ඉඳලා ටොයිලට් හෝදන එකා දක්වාම 100% පට්ට කම්බ හොරු ඉන්න රාජ්‍ය ආයතන දෙකක්. ඊළඟට පොලිසිය. ඔවුන්ගේ ගෙවල් වලට ඕන හැම දේම නිකන් හම්බ වෙන්නේ. අනිත් එවුන් තමයි දොස්තරලා ඔවුන්ගේ ගෙවල්වලට ඕන මාසේ බඩු ටික සුපර්මාකට් වලින් ගෙදරටම එනවා. රට සවාරි යනවා. බෙහෙත් ගෙන්වන කොම්පැනි වලින්...

:       0       9

Aruna Sunday, 20 August 2023 07:10 PM

අවංක රජයේ සේවයක් කරන මේවාගේ ආයතන ගැන ඔවුන්ගේ පවුල් ගැන ජරා කතා කියන අයගේ කටවල් කුණුවෙන්න ඕනෑ...!

:       4       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 367 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 222 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1011 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site