IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


රේගුව දිනක වැඩිම ආදායම ලබයි

(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා රේගුව ඊයේ (6) දිනයේ රුපියල් බිලියන 27.7 ක් හෙවත් රුපියල් කෝටි 2770 ක ආදායමක් ලැබූ බවත් එය රේගු ඉතිහාසයේ දිනක දී ලැබූ ඉහලතම ආදායම බවත් රේගු මාධ්‍ය ප්‍රකාශක, රේගු අධ්‍යක්ෂ චන්දන පුංචිහේවා  මහතා පැවසීය. 

 



අදහස් (10)

රේගුව දිනක වැඩිම ආදායම ලබයි

Lalla Friday, 07 November 2025 12:25 PM

තීරුබදු ගහල රට ගොඩ ගන්න බෑ නේද?. ඔය බඩු ගේන්න වැය කර තියෙන්නේ රටේ විදේශ විනිමය. ඒක ගලපල ගත්ත නියම ආදායම හොයල බලන්න.

:       7       26

Duminda Jayanath UdayakumaraSaturday, 08 November 2025 03:50 AM

ඒක හරි, හැබැයි ලංකාව දැන් ඉන්න තත්වය එක්ක... එකපාර අඩු කළොත් පද්ධතිය කඩාගෙන වැටෙනවා.

:       0       0

Kasun Friday, 07 November 2025 12:27 PM

ඔව් ඉතින් ලෝකෙම නැති ලොකූ බදු එක්ක වාහන එහෙම ගෙන්නුවාම ඕක වැඩිවෙන්න එපැයි.

:       5       22

sene Friday, 07 November 2025 12:38 PM

රේගු බදු ආදායම් ඉහළට , ජනතාවගේ ජීවන තත්වය පහළට, ගැලපුම කොතනද ?

:       5       15

Gayan Friday, 07 November 2025 01:36 PM

බිලියන 27.7 = කෝටි 2770 , කෝටි 277 = බිලියන 2.77 මොකක්ද හරි?

:       0       11

matara sunil Friday, 07 November 2025 02:51 PM

වෙනදා රේගුවට ගෙවන්න ඕන දේවල් කොච්චරක් හොර පාරෙ යන්න ඇත්ද? කට්ටිය බෙදාගන්න ඇත්ද...?

:       14       5

ගුණරත්න Saturday, 08 November 2025 07:59 AM

සමහර මාරි මෝඩ එවුන් හිතාගෙන ඉන්නවා වමට ගැහිල්ල නිසා ඉස්සර ඔහොම බදු ආදායමක් ලැබුනේ නැහැ කියලා. වාහන බද්ද විතරක් වාහන හදන මහා බහුජාතික කොම්පැනිය ගන්න ලාබය වගේ විසිතිස් ගුණයක් නිකම් ඉඳගෙන අයකර ගන්නා ආණ්ඩුවේ කප්පම කියලා මොවුන්ට තේරෙන්නේ නැහැ. මේ අවුරුද්දේ විතරක් වාහන ලක්ෂ දෙකහමාරක් විකිණුනා. ඉතින් කැල්කියුලේටර් එකක් හරි හොයාගෙන ගණන් බලන්න...!

:       0       0

විපරමා Friday, 07 November 2025 04:12 PM

මොනතරම් ආදායම් ලැබුණත් ඇස් වහලා ගසාකන අයත් නැතුව නොවෙයි. කාලයක් තිස්සේ ඒවාට පුරුදු වෙච්චි අයත් තවම ඉන්නවා...

:       4       4

Nishan Saturday, 08 November 2025 02:49 AM

ඒ ආදායම ලැබුවේ මොනවායින්ද කියන්නේ නෑ. ඩොලර් බිලියන එකක් වියදම් කරලා ගෙන්වපු වාහන වලට රටේ මිනිස්සුන්ගෙන් සියයට 400 ක් බදු ගහපු නිසයි ආදායම වැඩි වුනේ කියලා අපි දන්නවා. ඔය රුපියල් ආදායමෙන් වැඩක් නෑ. සල්ලි අච්චු ගැහුවත් රුපියල් ආදායම වැඩි වෙනවා. එහෙම නොකලා කියලා උද්දමණයේ අඩු වීමකුත් නෑ. සංචිතේ ඩොලර් වියදම් කරලා වාහන ගෙනැල්ලා 2028 දී ණය ගෙවන්නේ රුපියල් වලින් වෙන්න ඇති.

:       0       0

අරවින්ද මොණරවිල Saturday, 08 November 2025 10:39 AM

බදු ගහන එකයි, දඩ ගහන එකයි තමන්ගේ එකම ආර්ථික උපාය මාර්ග කරගත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පදේට නටන, තමන්ට කියලා වැඩපිළිවෙළක් දර්ශනයක් ඒ පිළිබඳව අවබෝධයක් නැති ගොබ්බයෝ සෙට් එකක් තමයි දැන් රට පාලනය කරන්නේ...!

:       6       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 429 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2197 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1659 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site