IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


රේගුවට ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියකරන කල්ලියක්

(යොහාන් භාසුර)

රේගු දෙපාර්තමේන්තුව රාජසන්තක කළ භාණ්ඩ ඩෙන්ඩර් කැඳවා අළෙවි කිරීමේදී ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියගැන්වීමට මෙරටින් පැනගොස් සිටින පාතාල සාමාජිකයන්ගේ සහ හිටපු ජනාධිපතිවරයෙක්ගේ හිතවතකුගේ නම් පාවිච්චි කරමින් සංවිධානාත්මක පිරිසක් කටයුතු කරන බවට ව්‍යාපාරිකයෝ චෝදනා කරති.

ප්‍රධාන වශයෙන් පුද්ගලයන් තිදෙනෙක් පාතාලයේ නම් පාවිච්චි කරමින් මෙම නීති විරෝධී ක්‍රියාවේ නිරත වන බවත් ඒ හේතුවෙන් බොහෝ ව්‍යාපාරිකයන් රේගු ටෙන්ඩර් සඳහා ඉදිරිපත්වීමට බියකින් පසුවන බවත් ව්‍යාපාරිකයෝ කියති.

රේගුව රාජසන්ත කළ අඩි 20 බැගින් වන කන්ටේනර් 15 ක ඇති රුපියල් කෝටි දෙකහමාරකට ආසන්න වටිනාකමින් යුත් ටයිල් 58,024 හෙට (26) පෙරවරුවේ ටෙන්ඩර් පිරිනැමීමට නියමිතව ඇති බවත් එම ටෙන්ඩරයට මිල ගණන් ඉදිරිපත් කර ඇති ඇතැම් ව්‍යාපාරිකයන් ද බියගැන්වීමට එම සංවිධානාත්මක පිරිස කටයුතු කර ඇති බවත් ඔවුහූ කියති.

එම ටයිල් ටෙන්ඩරය විවෘත කර පිරිනැමීම රේගු මූලස්ථානයේ මධ්‍යම අපරණ අංශයේදී හෙට පෙරවරු 10.00 පැවැත්වීමට නියමිතය.

 



අදහස් (2)

රේගුවට ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියකරන කල්ලියක්

Prabha Thursday, 25 April 2024 06:26 PM

චන්ද්‍රිකාගේ ගානේ බැද්දගානේ සංජීව පටන් ගත්තු සෙල්ලම...

:       2       17

Bamunuarachchi Friday, 26 April 2024 03:50 AM

ටිරාන් අලස් මහත්තයෝ මේ ගැනත් සොයා බලන්න.

:       1       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 241 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1031 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site