(ලසන්ත නිරෝෂණ පෙරේරා සහ ඉන්දීක නිරෝෂණ) රක්වාන උක්වත්ත ප්‍රදේශයට තාවකාලිකව සංචරණ සීමාවන් පනවා ඇතැයි ගොඩකවෙල ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රියන්ත බංඩාර මහතා පැවසීය. ඊයේ රාත්‍රි 10.00 සිට රක්වාන උක්වත්ත ඩෙල්ව්න් වත්තේ කොටසකට සංචරණ සීමාවන් පනවා ඇති බව ඒ මහතා කීය.
රත්නපුර මල්වල ප්‍රදේශයේ මනාලයෙකු රක්වාන ප්‍රදේශයෙන් විවාහ වී ඇති අතර ඔහුගේ විවාහ ගිවිස ගැනීමේ උත්සවය රක්වානේදි පවත්වා තිබේ. එම උත්සවයෙන් පසු මනාලයාට කොරොනා ආසාදිත බව වාර්තා විය. ඒ නිසා නිවාස 10ක පිරිසක් ස්වයං නිරෝධායනයට යොමු කර තිබුණි. එම උත්සවයට පාසල් ගුරුවරුන් සහ සිසුන් කිහිප දෙනෙකු ද සහභාගී වීම නිසා ඔවුන් ද සමග ප්‍රදේශයේ 45 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කර ඇතැයි ගොඩකවෙල සෞඛ්‍ය වෙද්‍ය නිලධාරිණි ඉන්දිකා ගුණදාස මහත්මිය පැවසුවාය.
මේ හේතුවෙන් එම පෙදෙසට සංචරණ සීමා පනවා තිබේ.
ඊයේ (12)වනදා කොරොනා ආසාදිත බවට හදුනාගත්තේ එලෙස නිරෝධායනයට යොමු කර සිටි පිරිසෙන් සිව්දෙනෙකි. තරුණයා සමග විවාහ ගිවිස ගත් මනාළියද ඇයගේ පවුලේ අයද ස්වයං නිරෝධායනයට යොමු කර තිබේ.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
රක්වාන උක්වත්තට සංචරණ සීමා