IMG-LOGO

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා


යෝශිත - ඩේසිගේ නඩුවට දින දෙයි

(මනෝප්‍රිය ගුණසේකර)

වසර තුනක කාලයකදී විශූද්ධීකරණය කළ මුදලින් රුපියල් කෝටි 08 කට අධික මුදලක් යොදවා රත්මලාන හා දෙහිවල ප්‍රදේශ වලින් ඉඩම් ඇතුළු දේපල මිලදී ගත් බවට වු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුතාට සහ නැන්දම්මාට එරෙහි නඩුව ඔක්තෝම්බර් 15 වැනිදා කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග මහතා අද (22) නියම කළේය.

2012 සහ 2015 අතර වසර 03ක කාලසීමාවක් තුළදී අදාළ දේපළ මිලදී ගත් බවට චෝදනා ලැබ සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතාට සහ මහින්ද රාජපක්ෂ මහතාගේ නැන්දම්මා වන ඩේසි ෆොරස්ට් මහත්මියට එරෙහිව නීතීපතිවරයා විසින් පවරා ඇති කැදවු අවස්ථාවේදී ඉදිරිපත් වු කරුණු සළකා බලීමෙන් අනතුරුව විනිසුරුවරයා එලෙස නියම කළේය.

2012 සහ 2015 කාලසීමාව තුළ රුපියල් ලක්ෂ 800කට අධික වටිනාකමකින් යුත් රත්මලාන සිරිමල් උයන ප්‍රදේශයේ පර්චස් 34.5 ඉඩමක් සහ දෙහිවල ප්‍රදේශයේ ඉඩම් සහ දේපළ මිලදී ගත් ආකාරය හෙළි කිරීමට නොහැකි වීම හේතූවෙන් මුදල් විශූද්ධීකරණය කිරීමේ පනත යටතේ විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා චෝදනා නඟා ඇත.

අදාළ දේපළ මිලදී ගැනීම සඳහා මුදල් උපයාගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත් වීමෙන් විත්තිකරුවන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීම පනත යටතේ වරදක් කර ඇති බවට නීතිපතිවරයා චෝදනා නඟා ඇත.

නඩුව කැඳවු අවස්ථාවේදී විත්තිකරුවෝ අධිකරණයේ පෙනී සිටියහ.

නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා කරුණු දක්වමින් නඩුවට අදාළ තවත් ලේඛණ කිහිපයක් තමන්ට දෙන බව පැමිණීල්ල විසින් දැනුම්දී ඇතැයි පැවසීය.

කරුණු සලකා බැලීමෙන් අනතුරුව විත්ති පාර්ශවයට දියයුතු ලේඛන ඇත්නම් ඒවා දීමට කටයුතු කරන ලෙස පැමිණීලි පාර්ශවයට නියම කළ විනිසුරුවරයා නඩුව ඔක්තෝබර් 15 වැනිදා යළි කැඳවීමට නියම කළේය.

කරුණු සළකා බැලු විනිසුරුවරයා නඩුව ජුලි 11 වැනිදදා යළි කැදවීමට නියම කළේය.

පැමිණිල්ල වෙනුවෙන් ජේ්‍යෂ්ඨ රජයේ නීතිඥ උදාර කරුණාතිලක මහතා පෙනී සිටි අතර විත්තිකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා පෙනී සිටියේය.



අදහස් (0)

යෝශිත - ඩේසිගේ නඩුවට දින දෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31868 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14334 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11183 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 247 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1188 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 341 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site