(අංජුල මහික වීරරත්න)
සෘජු හා මිශ්‍ර පොහොර ලෙස වෙළෙඳ පොළට නිකුත් කිරීම සඳහා යූරියා (Prilled) මෙට්‍රික්ටොන් 15,000ක් ස්ටේට් ෆර්ටිලයි සර් කම්පැනි ලිමිටඩ් වෙත ප්‍රසම්පාදනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
වී වගාව සඳහා ගොවීන්ට අවශ්‍ය යූරියා, සෘජු හා මිශ්‍ර පොහොර ලෙස වෙළෙඳ පොළට නිකුත් කිරීමට හැකි වන පරිදි, ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවීමේ ක්‍රියාවලිය යටතේ යූරියා පොහොර මෙට්‍රික්ටොන් 15,000 ක් ස්ටේට් ෆර්ට්ලයිසර් කම්පැනි ලිමිටඩ් විසින් ප්‍රසම්පාදනය කිරීම සඳහා 2025-05-26 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත.
ඒ අනුව ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවා ඇති අතර ලංසු 03 ක් ඉදිරිපත් කර තිබේ. එකී ලංසු සම්බන්ධයෙන් ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් ලබා දී ඇති නිර්දේශය මත පදනම්ව, යූරියා මෙට්‍රික්ටොන් 15,000+/-5% සැපයීමේ කොන්ත්‍රාත්තුව ඇමෙරිකානු ඩොලර් මිලියන 6.9 ක මුදලකට සිංගප්පූරුවේ M/s Valency International Pte. Ltd වෙත පිරිනැමීම පිණිස කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරි මාර්ග අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
යූරියා ගේන කොන්ත්‍රාත්තුව සිංගප්පූරුවට