(යොහාන් භාසුර)
යළ කන්නයට ගෙවීන්ට දීමට මේ දක්වා ආණ්ඩුව පොහොර ගෙනවිත් නොමැති බවත් යළ කන්නට පොහොර දීමට හැකිවේ යැයි තමන් විශ්වාස නොකරන බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවැසීය.
යළ කන්නයේ උපරිමයෙන් සියයට 50 ක අස්වැන්නත් බලාපොරොත්තු වියහැකි බව කී අමාත්‍යවරයා ඇත්ත වශයෙන්ම යළ කන්නයට මහන්සිවීමෙන් ප්‍රතිඵලයක් නොමැති බවත් සඳහන් කළේය.
ඒ හේතුවෙන් දැන් සිටම මහ කන්නයවත් සාර්ථක කරගැනීමට උත්සහ කළ යුතු බවත් ලෝක ආහාර අර්බුදයක් ඇති වන බවට විවිධ පුද්ගලයන් ඉඟිපළකර තිබීම නිසා වෙනත් රටවල් පොහොර දීම අත්හිටුවා ඇති බවත් අමාත්‍යවරයා කීය.
පොහොර 65,000 ක් ඇව්ලාල් අමාත්‍යංශය බාරගත් පසු බෙදීමට පමණක් ඇති බව සිතා සිටියද එවැන්නක් නොමැති බව කී අමාත්‍යවරයා සඳහන් කළේ ඇත්ත කථා කරන්නේ නම් මේ වන තෙක් ආණ්ඩුවෙන් පොර හොන්ඩරයක් ගෙනවිත් හෝ නැවකට පටවා හෝ නොමැති බවත්ය අමාත්‍යවරයා සඳහන් කළේය.
රනිල් විවික්‍රමසිංහ නොවා සක්කරයාගේ පුතා වයිමා ආවත් මාස තුනක් යනවිට බරපතල තත්වයකට පත්වන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා වැඩිදුරටත් පැවසීය.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
‘යළ කන්නටත් පොහොර නෑ‘