IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


යාළුවා බේරන්න ගිහින් කූඩුවේ ලගී

(සජීවා කෝට්ටගොඩ)

අත්අඩංගුවේ සිටි සැකකරුවෙකු මුදා හැරීම සඳහා රුපියල් 5000ක අල්ලසක් ලබා දීමට තැත් කළ පුද්ගලයෙකු  පොලිසිය තුළ දීම  අඩංගුවට ගත් බව මහව  මුලස්ථාන මුලස්ථාන පොලිසිය කියයි.

මහව පොලිස් බල ප්‍රදේශයේ සංචාරයක නිරත වන අවස්ථාවේදී අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක තිළිණ මධුසංඛ මහතාට ලැබුණු තොරතුරකට අනුව මහව , මොරගොල්ල ප්‍රදේශයේ දී නීති විරෝධී මත්පැන් මිලි ලීටර් 3750 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු මුදා ගැණීම  වෙනුවෙන් මුදල්  ලබා දීමට උත්සාහ කරන  ඔහුගේ මිතුරාට  පොලිසියට පැමිණෙන ලෙස දන්වා ඇත. ඒ අනුව මහව  මූලස්ථාන පොලීසියේ  ගරාජය ආසන්නයේදී  උප පොලිස් පරීක්ෂක වරයාට රුපියල් පන්දහසක අල්ලසක්  ලබාදීමට යාමේදී  අත්අඩංගුවට ගෙන තිබේ.

නීති විරෝධී මත්පැන් සමග අත්අඩංගුවට ගත් සැකකරු පොලිස් ඇප මත මුදා හැරි  අතර අල්ලස් ලබාදීමට තැත්කළ සැකකරු මහව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් මහව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක සංජීව බණ්ඩාරනායක මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක තිළිණ මධුසංඛ, උප පොලිස් පරීක්ෂක සුසිල් ප්‍රේමතිලක, පොලිස් සැරයන් ( 31254) අබේරත්න, පොලිස් සැරයන්(23819) සඳුන් පොලිස් සැරයන් (34462 )ලංකාතිලක,පොලිස් සැරයන්(55164) පණ්ඩිතරත්න,පොලිස් කොස්තාපල් (12334) යන අය වැඩිදුර විමර්ශන සිදු කරති.



අදහස් (0)

යාළුවා බේරන්න ගිහින් කූඩුවේ ලගී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 240 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 175 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 981 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site