
(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ඉන්දිකා රාමනායක)
පිටකොටුව 4වන හරස් වීදියේ වසා තිබූ වෙළඳ සැලක් ඉදිරිපිට වාඩිවී සිටි පිරිසක් වෙත මෝටර් රථයක් කඩාවැදී සිදුවූ අනතුරකින් පුද්ගලයන් තිදෙනෙකු බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කල බව පිටකොටුව පොලීසිය කියයි
එක් අයෙකු මෝටර් රථය කඩා වැදීමත් සමගම පිටතට පැන අනූ නවයෙන් දිවි බේරාගෙන ඇත
මෝටර් රථය හිමි පුද්ගලයා ශාරීරික අවශ්‍යතාවයක් සඳහා පිටව ගිය අවස්ථාවේදී ඒ තුළ සිටි ඔහුගේ මිතුරකු මෝටර් රථය පනගන්වා තිරිංග වෙනුවට ඇක්සලේටරය පෑගීම හේතුවෙන් මෙම අනතුර වී තිබූ බව පොලිසිය කියයි
අනතුරට පත් කුලී වැඩ කරන කම්කරුවන් වෙළඳසැලක් ඉදිරිපිට බිම ඉඳගෙන කතාබස් කරමින් සිටියදී කුමාර වීදිය දෙස සිට අධික වේගයෙන් පැමිණි මෝටර් රථය ඔවුන් වෙත කඩා වැදී තිබූ බව පොලිසිය කියයි
ඔහුන් තිදෙනාගේම ශාරීරික තුවාල වලට අමතරව පාද වලට බරපතළ තුවාල සිදුවී තිබූ අතර එක් පුද්ගලයකුගේ පාදය ස්ථාන දෙකකින් කැඩී තිබූ බව පොලිසිය කියයි
අනතුර සිදුවන ආකාරය සිසිටිවි කැමරාවේ සටහන්ව තිබූ බවත් මෝටර් රථය සහ අනතුර වන අවස්ථාවේදී එය පැද වූ පුද්ගලයාත් අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරයි
පිටකොටුව පොලීසිය පරීක්ෂණ පවත්වයි

2025 දෙසැම්බර් මස 18
290
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
190
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
යහළුවාගේ විහිළුවෙන් පේමන්ට් එකේ සිටි තුනක් යටවෙයි