IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


යෝෂිතට එරෙහි තවත් නඩුවක්

 

(රෝෂන් තුෂාර)
වසර දහයකට ආසන්න කාලයක් නාවික හමුදාවේ සේවය කර ලුතිනන්වරයකු ලෙස වැඩ තහනමට ලක් වූ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ රුපියල් කෝටි ගණනින් අයථා වත්කම් රැස් කිරීම සම්බන්ධයෙන් තවත් නඩුවක් ඉදිරියේදී ගොනු කරන බව නීතිපතිවරයා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු දක්වමින්  අද(27) පැවසීය.

නීතිපතිවරයා වෙනුවෙන් ජෙෂ්ඨ නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් දිලිප පිරිස් මහතා සඳහන් කර සිටියේ.  2006 නාවික හමුදාවට බැඳී 2016 වැඩ තහනමට ලක් යෝෂිත රාජපක්ෂ සැකකරු 2013 වසරේ දී රුපියල් ලක්ෂ 500 ක ඉඩමක් මිලදී ගැනීම,csn නාලිකාව පවත්වාගෙන යමින් මුදල් රැස් කිරීම ඇතුළු තවත් විමර්ශන ගණනාවක් රහස් පොලිසිය සිදු කරන බවය.ඊට අදාළ නඩු නුදුරේදී  අධිකරණයට ගොනු කිරීමට කටයුතු සම්පාදනය කරන බවත්ය.

රත්මලාන පෙදෙසේ රුපියල් ලක්ෂ 340 කට අධික වටිනාකමින් යුත් ඉඩමක් මිලදී ගැනීම සම්බන්ධයෙන් නඩුව කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් කෙරිණි. 



අදහස් (7)

යෝෂිතට එරෙහි තවත් නඩුවක්

fairoos Monday, 27 January 2025 11:13 AM

බයියන්ට දැන් සැපද ? අවුරුදු 10ක් සේවය කරලා හම්බ කරලා තියන හරිය. දෙයියෝ සාක්කි.

:       35       126

පිටිගල මිලානෝ Monday, 27 January 2025 12:34 PM

ආයෙමත් ඒසී වාහන හයිවේ එකේ බෙලිඅත්තට යවලා බොරු ෂෝ දාන්න එපා. නඩු දිනේට උසාවියට එන්න කියලා කෙලින්ම ඇප දෙන්න…. රාළහාමිලත් ටයි පොලු එල්ලාගෙන මාංචුවක්වත් නැතුව සුදු ඇදගෙන ගියේ. …. බලන්න තිබ්බා වැරදිලාවත් කිතුලක් මැදගන්න කෙනෙක් ගහකට නැගලා අහුවුණා නම්. … සතියකට ඇප ඉල්ලේ….

:       4       47

Sena Monday, 27 January 2025 01:01 PM

කොරයි කියලා තමයි බය

:       8       30

නන්දන පනා-මිලානෝ Monday, 27 January 2025 01:34 PM

ඇප දුන්නා කියා කියා වැළලෙන සෙට් එකට මේ කියන්නේ යකුනේ රටේ නීතිය පොඩ්ඩක් ඉගෙන ගනියව්! ඇප නොදෙන්න නම් බරපතල බාල අපරාධයක් හෝ රාජ්‍ය දේපල සම්බන්ධ වරදක් වෙන්න ඕන. ඇප දීම කියන්නේ නිදහස් කිරීම නෙමේ.නඩුව අහන තුරු තාවකාලිකව කරන නිදහස් කිරීමක්.එහෙම කරන්නේ නඩුවෙන් ඔප්පු වෙලා නිදොස් වුනොත් ඒ කාලය තුල හිරේ දාල තියෙන්නේ නිවැරදි මිනිහෙක් නිසා.

:       11       47

seneMonday, 27 January 2025 03:06 PM

මහදැනමුත්තෝ , අපි ඕක දන්නවා නඩුව ගොනු කර සිතාසි යැව්වේ නම් ඔය ශෝ ඕනෑ නෑනේ. ඕක කොහොමත් පරණ ගොනු කර තිබුණ නඩුවක් නේ ?

:       0       2

RoyMonday, 27 January 2025 08:25 PM

ඌ ඉඩම ගත්තේ රාජ්‍ය මුදලින් නොවෙිද.

:       0       0

Nandalal de Silva - France Monday, 27 January 2025 02:07 PM

ආයෙමත් "හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ" කියන (අවනම්බු) නාමය අනවශ්‍ය විදියට මේ පුවතටත් එකතුවෙලා !!! බයියලා චූන් වෙලා රජයට දෙහි කපනවා, අහිංසක, සාධාරණ රාජපක්ෂ පවුලෙ අය කූඩුවේ සිරකරනවා කියා. පොල් ගණන් නිසා දැන් දේවාල ඉදිරිපිට, මාලිමා රජයට එරෙහිව පොල් ගහන්නත් බැරිලු ! එවා කොහොම වුණත්, අප්පච්චිගෙ බලයෙන් කරපු හොරකම්, වංචා වලට දැන්වත් ගෙවිය යුතුවේ !!!

:       15       35

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 43 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 879 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2514 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site