(එම්. කේ .නන්දසේන)
අයහපත් කාලගුණය හේතුවෙන් පසුගියදා වසා තැබුණු යාල පලටුපාන ප්‍රධාන පිවිසුම් දොරටුව යලි විවෘත කල බව ඌව කලාපය භාර වනජීවි සහකාර අධ්‍යක්ෂ උපුල් ඉන්ද්‍රජිත් මහතා පැවසීය.
මාස හතරකට අධික කාලයක් අඛණ්ඩව ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් වෙහෙරගල ජලාශය වාන් දොරටු විවෘත කිරීම නිසා මැණික් ගඟ පිටාර ගැලීමත්, උද්‍යානය තුළ ඇති සියලු වැව් ජලකඩිති පිරී පිටාර ගැලීමත් හේතුවෙන් මාර්ග පද්ධතිය යටවී ඛාදනයට ලක්වීමත් සමග පලටුපාන ප්‍රධාන පිවිසුම් දොරටුව පාලන අධිකාරිය විසින් වසා දමා තිබිණ.
මේ නිසා වනජීවී නිලධාරීන් සමඟ යුද හමුදාව ඒකාබද්ධව ප්‍රධාන මාර්ග පද්ධතිය මේ වනවිට පිළිසකර කොට ඇති අතර අතුරු මාර්ගද පිළිසකර කරමින් සිටින බව කියයි. උද්‍යානය තුළ ඇති නිවාඩු නිකේතන හතද යලි යථාතත්වය පත්කොට ඇති බවද උද්‍යාන භාර නිලධාරී මනෝජ් විද්‍යාරත්න මහතා ප්‍රකාශ කළේය.
2025 දෙසැම්බර් මස 18
114
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
146
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
946
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
යාල යළි විවෘත කරයි