IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


යාලේ යකා නැටුම ගැන හොයාගන්න ත්‍රිපුද්ගල කමිටුවක්

 

(අංජුල මහික වීරරත්න)

යාල වනෝද්‍යානයට ඇතුළත් ව අයථා ලෙස වාහන භාවිතා කරමින් වනජීවී හා වෘක්ෂලතා පනත උල්ලංඝනය වන අයුරින් කටයුතු කළ පිරිස සම්බන්ධව  පියවර නොගත් වන නිලධාරීන් පිළිබඳව විමර්ශනය කිරීම සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් පත් කිරීමට වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රා හේරත් මහත්මිය තීරණය කර තිබේ.

 කෘෂිකර්ම වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා සමග සාකච්ඡා කර අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයකුගේ සභාපතිත්වයෙන් මෙම ත්‍රිපුද්ගල කමිටුව පත් කිරීමට පියවර ගන්නා බව ලේකම්වරිය පැවසුවාය.

එමෙන්ම මෙම සිදුවීමේ දී රාජකාරිමය වගකීම් පැහැර හැරි හා  සිද්ධියට ඝෘජුව හෝ වක්‍රව දායකත්වය සැපයීමෙි චෝදනා මත තාවකාලිකව සේවය අත්හිටවූ නිලධාරීන් හත් දෙනාට අමතරව ඊට සම්බන්ධ තවත් නිලධාරීන්ගේ නම් හෙළිදරව් වුවහොත් ඔවුන්ට එරෙහිව ද විනයානුකූලව පියවර ගැනීමට වනජීවී අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර මහතා තීරණය කර තිබෙි.

එමෙන්ම  යාල වනෝද්‍යානයේ අනිසි ලෙස හැසිරුනු පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම  වැනි කටයුතුවල දී ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ සහයෝගය ලබා දෙන ලෙස ඉල්ලා පොලිස්පතිවරයාට ලිපියක් යොමු කරන බව අමාත්‍යාංශ ලේකම්  චන්ද්‍රා හේරත් මහත්මිය පවසයි.



අදහස් (2)

යාලේ යකා නැටුම ගැන හොයාගන්න ත්‍රිපුද්ගල කමිටුවක්

sena Wednesday, 26 October 2022 11:04 AM

මේක මේ වැඩේ යට ගහන්න ගහන ගේමක්.. කමිටු පත්කරලා මේ රටේ ප්‍රශ්න විසඳුවේ කවද්ද? වාහන අංක තියෙනවා නම්, එළවපු මිනිස්සු වනජීවී නිලධාරීන් දන්නවා නම්, ඒ මිනිස්සු අල්ලලා උසාවි දාලා නීතිය ක්‍රියාත්මක කරන්න බැරි මොකද? වනජීවී නීතිය කඩන හැම වෙලාවේම කමිටු පත්කරගෙන ඉන්නද මෙයගේ කල්පනාව..?

:       0       8

Ruhunu Wednesday, 26 October 2022 03:04 PM

එළියේ ඉන්න සත්තු කැලේට ආවම ඔහොම තමයි

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 298 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 198 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 996 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site