
(අංජුල මහික වීරරත්න)
රුහුණු යාල ජාතික වනෝද්‍යානයේ වන ජීවීන් නැරඹීම සඳහා පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින්ට නවාතැන් ගැනීමේ පහසුකම් සලසමින් පරණ තොටුපොල නිවාඩු නිකේතනය වනජීවී හා වන සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා අතින් විවෘත කෙරිණි.
වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශයේ මූල්‍ය ප්‍රතිපාදන යටතේ මීට වැය කර ඇති මුදල රුපියල් මිලියන 100කි.
රාත්‍රී කාලයේ ඒ අවට සැරිසරණ වනසතුන් පවා නැරඹීමට හැකි නැරඹුම් මැදිරි පහසුකම් ද මෙහි ස්ථාපිත කර තිබෙන බව අමාත්‍යාංශය පවසයි.
පරණ තොටුපොළ සංචාරක නිකේතනය විවෘත කරමින් අදහස් පළ කළ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කීවෙි රටෙි ඩොලර් අර්බුදයක් පවතින බැවින් විදේශීය සංචාරකයින් නිවාඩු නිකේතන වෙන් කරන විට ඩොලර් වලින් මුදල් අය කිරීම සඳහා උපදෙස් දුන් බවයි. එමෙන්ම යාල වනෝද්‍යානයේ වාහන පහසුකම් සපයන සෆාරි රියදුරන් දැනට මුහුණ දී සිටින ඉන්ධන සපයා ගැනීමේ ගැටලුවට වහාම විසඳුම් ලබා දීමටද අමාත්‍යවරයා එකඟත්වය පළ කළේය. ඒ අනුව ඔවුන්ට අවශ්‍ය ඉන්ධන කතරගම ලංගම ඩිපෝව මඟින් සැළසීමට ප්‍රවාහන අමාත්‍යවරයා සමග සාකච්ඡා කරන බවද මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

2025 ඔක්තෝබර් මස 08
1880
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1511
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
530
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
යාලේ මැද පරණ තොටුපොළ අරී