(මහින්ද නිශ්ශංක)
ගල්කිස්ස හා කන්කසන්තුරේ අතර වායුසමනය කළ සුඛෝපභෝගී දුම්රිය පළමු වරට අද(4) රාත්‍රි 10 ට ගල්කිස්ස දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කරනබව දුම්රිය පාලක මැදිරි කාර්යාලය පවසයි.
යාල් නිලා ලෙස නම්කර ඇති මෙම වායුසමනය කළ දුම්රිය කන්කසන්තුරේ ට ළගා වීමෙන් අනතුරුව ලබන ඉරිදා (6) රාත්‍රි 10ට කන්කසන්තුරේ දුම්රිය ස්ථානයෙන් පිටත්ව කොළඹ කොටුව හා ගල්කිස්ස බලා ධාවනය වේ.
යාල් නිලා සංචාරක දුම්රියක් වන අතර මෙහි පළමු පන්තියේ ප්‍රවේශ පත්‍රයක් රුපියල් 4000ක්ද දෙවන පන්තියේ ප්‍රවේශ පත්‍රයක් රුපියල් 3000ක් හා තුන්වන පන්තියේ ප්‍රවේශ පත්‍රයක් රුපියල්. 2000 ක් ද වන අතර මුදලට පමණක් ප්‍රවේශ පත්‍ර අලෙවි කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.
මෙම වායුසමනය කළ සුඛෝපභෝගී දුම්රිය ලබන 18 දා සිට දිනපතා ධාවනය කෙරෙන බව ද දෙපාර්තමේන්තු උසස් නිලධාරියෙක් කීවේය.
2025 දෙසැම්බර් මස 18
434
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
241
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1031
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘යාල් නිලා’ අද ගල්කිස්සෙන් කන්කසන්තුරේට
DHARMAKEERTI Friday, 04 August 2023 11:38 AM
මෙම දුම්රිය ධාවනයේ යෙදවීම බෙහෙවින් අගය කළ යුතු ක්‍රියාවකි. නමුත් ප්‍රවේශපත්‍ර නිකුත් කරන්නේ මුදලට පමණක් වීම ගැටලුවකි. විශ්‍රාමික ප්‍රජාවට හා රජයේ සේවකයින්ට එයින් ප්‍රයෝජනයක් වේද? යථා කාලයේදී මේ පිළිබඳව සලකා බලත්වා...!
Sdt Friday, 04 August 2023 01:42 PM
Online ක්‍රමයට ටිකට් නිකුත් කිරීම ආයතනයටත් මහජනතාවටත් ඉතාම හොඳ ක්‍රමයකි. විදේශිකයින් වඩා ආකර්ෂණය කරන බැවින් ඒ සඳහා app එකක් යොදාගන්න...
විපරමා Friday, 04 August 2023 08:06 PM
විශේෂයෙන් වැසිකිළිවල පිරිසිදුකම ගැනත් අවදානය යොමුවිය යුතුයි...