IMG-LOGO

2025 අගෝස්තු මස 09 වන සෙනසුරාදා


‘යාල්දේවී’යට සවිකළ එන්ජින් දෙකක් කොළඹදීම කැඩෙයි

(යොහාන් භාසුර)

දුම්රිය දෙපාර්තමේන්තුව ඉන්දියාවෙන් ආනයනය කළ ‘එම් 11’ පංතියේ එංජින් දෙකක් කොළඹ නගර සීමාව තුළ දුම්රිය ස්ථාන දෙකකදී දෝෂයන්ට ලක්වීමෙන් ‘යාල්දේවී’ දුම්රිය පැය තුනකට ආසන්න කාලයක් අද (18) ප්‍රමාද වී පිටත්ව ගොස් තිබේ.

ගල්කිස්සෙන් අළුයම 5.50 ට කන්කසන්තුරේ දක්වා පිටත්වූ දුම්රිය වැල්ලවත්ත දුම්රිය ස්ථානයේදී පළමුවෙන්ම කාර්මික දෝෂයකට ලක්ව ඇති අතර ඉන් පසුව සවිකළ එන්ජිම මරදාන දුම්රිය ස්ථානයේදී දෝෂයකට ලක්ව තිබේ.

එම දුම්රිය පෙරවරු 6.40 ට මරදාන දුම්රිය ස්ථානයෙන් පිටත්ව යා යුතුව තිබුණ ද වෙනත් එන්ජිමක් සවිකර පැය තුනකට ආසන්න ප්‍රමාදයකින් පසුව පෙරවරු 9.25 ට පමණ පිටත්ව ගොස් තිබේ.

දුම්රිය ස්ථානධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා පවසන්නේ බලධාරීන්ගේ නොසැළකිල්ල නිසා සිදුවන මෙවැනි ප්‍රමාදයන් හේතුවෙන් මගී ජනතාව දැඩි අපහසුතාවට පත්වන බවත් දෙපාර්තමේන්තුව තුළ අවශ්‍ය තරම් කාර්මික ශිල්පීන් සිටිය ද ධාවනය යෙදවීමට පෙර පරීක්‍ෂා නොකිරීමට මෙයට හේතුව බවත්ය. 



අදහස් (7)

‘යාල්දේවී’යට සවිකළ එන්ජින් දෙකක් කොළඹදීම කැඩෙයි

Don perea Friday, 18 February 2022 06:22 PM

කිසිම තැනකට වැඩක් නැති ඉන්දියන් කුණු ගොඩවල්...!

:       1       14

ජුණ්ඩප්පුවාSaturday, 19 February 2022 08:25 AM

එහෙම කියන්න එපා. යහපාලනේට හොඳ නෑ. දවස් ගණන් ගතවෙන දීර්ඝ දුම්රිය ගමන් තියෙන ඉන්දියාවේ දුවන ඔක්කොම ඔය කියන කුණු ගොඩවල් තමයි. හැබැයි ලංකාවේ වගේ ලෙඩදුක් නම් නෑ. අමතක කරන්න එපා. ලෝකයේ ඉස්තරම්ම නිෂ්පාදනයක් වුණත් ලංකාවට ආවම ලෙඩ වෙනවා. අපේ ඇත්තෝ ඒතරම් දක්ෂයි.

:       0       2

dhamneth Friday, 18 February 2022 06:56 PM

මෙතන ලස්සනම වැඩේ කියන්නේ, ඉන්දියාවෙන් ගේන දුම්රිය එන්ජින් හා පෙට්ටිවල දෝෂ දකින්නේ ඉංජිනේරුවන් හා කාර්මික නිලධාරීන් නොවෙයි. දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ නිලධාරීන්...

:       0       25

pakeer Friday, 18 February 2022 09:26 PM

මොක වුණත් ඉන්දියාවෙන් ආපු බුද්ධධර්මය ඇරෙන්න අනිත් ඔක්කොම ඉතින් අසුචි ගොඩවල් තමයි.

:       1       1

Prabha Saturday, 19 February 2022 12:19 AM

ගෘහ විදුලි උපකරණයටත් අලෙවියෙන් පසු වගකීම් සහතිකයක් දෙන ලෝකයේ කෝටි ගාණක් වටින දුම්රිය එංජිමට වගකීම් සහතිකයක් නැද්ද?

:       0       1

Bunny Preena Saturday, 19 February 2022 11:46 AM

අවංක නිලධාරීන්ව පැත්තකට කරලා පස්සෙ දුවන අය මේවට ගාව ගත්තොත් වෙනදේවල් තමයි මේවා.. අපි ඉස්සර හිතුවේ ඉගෙනගත්තු කෙනා හොරකම්, වංචාවන් කරන්නේ නැහැයි කියලා. දැන් බලාගෙන ගියාම ඉගෙන ගත්තු උපාධි අරගෙන ලොකු ලොකු රස්සාවල් කරන එවුන් තමයි මහාපරිමාණයේ හොරකම් සහ දුෂණවලට සම්බන්ධවෙලා තියෙන්නේ... රටකට ගිය කලක්...!

:       0       3

පැරකුම් Saturday, 19 February 2022 01:09 PM

දුප්පත් මහජනතාවගේ බදුමුදල් මේ අන්දමින් අවභාවිතා කිරීමට කටයුතු කළ නිලධාරීන්ට එරෙහිව වහාම සුදුසු ක්‍රියාමාර්ග නොගැනීමෙන් පෙනීයන්නේ අත්දැකීම් නොමැති වියතුන්ගේ උපදෙස් ගත් රාජ්‍ය පාලකයින්ගේ අසමත් භාවයයි. එවන් අමනයින් රැලකට බලය පවරා දුන් ජනතාව ඒ සඳහා වන්දි ගෙවීම පුදුමයට කරුණක් නොවේ.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 421 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 310 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 483 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site