(අංජුල මහික වීරරත්න)
ගොවිජන සේවා මධ්‍යස්ථානවල යුරියා පොහොර බෙදාහැරීමෙි දී නිලධාරින්ගෙන් හෝ සේවකයින්ගෙන් ගොවීන්ට යම් යම් හිරිහැර හා සිත් රිදවීම් මෙන්ම සේවය පැහැර හැරීම් සිදුවන්නේ නම් පැමිණිලි කිරීමට විශේෂ දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ.
ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ - චන්දන ලොකුහේවාගේ මහතාගේ 0718714219 දුරකතන අංකයට අදාල පැමිණිලි කළ හැකි බව කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කරයි.
එවැනි නිලධාරීන් හා සේවකයින් සම්බන්ධව ලැබෙන පැමිණිලි වහා විමර්ශනය කරන ලෙසත් අවශ්‍ය වුවහොත් ඔවුන්ගේ වැඩ තහනම් කරන ලෙසත් අමාත්‍යවරයා කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතාට උපදෙස් දුන්නේය.
හෙක්ටෙයාර් එකකට දෙන සම්පූර්ණ පොහොර ප්‍රමාණය වන කිලෝ ග්‍රෑම් 157ම එක්වර ලබා දීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අදාල අංශවලට උපදෙස් දුන්නේය.
මේ වන විට වගා කටයුතු ආරම්භ කර ඇති දිස්ත්‍රික්කවලට අවශ්‍ය තරම් යුරියා පොහොර තොග ලංකා පොහොර සමාගම හා කොමර්ෂල් පොහොර සමාගම විසින් යවා තිබෙන බවද කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කරයි.
යුරියා පොහොර මෙට්‍රික් ටොන් 22,000ක් සහිත නෞකාවක් ඉකුත්දා කොළඹට පැමිණි අතර එම යුරියා පොහොර ගොඩ බෑම මෙන්ම රාජ්‍ය පොහොර සමාගම් දෙක මගින් බෙදාහැරීම කටයුතු ද ආරම්භ කර ඇතැයි අමාත්‍යාංශය පවසයි.
2025 දෙසැම්බර් මස 18
142
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
යූරියා බෙදීමේදී ගොවීන්ට බැන්නොත් වැඩ වරදී
fairoos Thursday, 17 November 2022 12:45 PM
ගොවීන් ඇමතිට බැන්නොත් කමක් නැද්ද?