IMG-LOGO

2025 සැප්තැම්බර් මස 01 වන සඳුදා


යුරෝපා විදෙස් ඇමැතිවරු ඉරාන නිලධාරීහු හමුවෙති

ඉරාන රජයේ ඉහළ ප්‍රධානීන් සහ යුරෝපා බටහිර රටවල විදේශ අමාත්‍යවරුන් අතරේ හමුවක් පැවැත්විණි. ඒ, දිනෙන් දින ඔඩුදුවන ඊශ්‍රායල ඉරාන ගැටුම සම්බන්ධයෙනි.

ඉරාන රජයේ ඉහළ ප්‍රධානීන් සහ යුරෝපා බටහිර රටවල විදේශ අමාත්‍යවරුන් එකිනෙකා හමුවෙමින් සාකච්ඡා පැවැත්වූයේ හටගත් අර්බුදය කඩිනමින් අවසන් කළ යුතු ආකාරය පිළිබඳවය.

ඉරාන රජයේ නිලධාරීන් කණ්ඩායමට නායකත්වය දුන්නේ, ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චිය. ඉරාන විදේශ අමාත්‍යවරයා ප්‍රමුඛ කණ්ඩායම සමඟ සාකච්ඡා පැවැත්වූයේ, ප්‍රංශ විදේශ අමාත්‍ය ජීන්-නොයෙල් බැරෝ, බ්‍රිතාන්‍ය විදේශ ලේකම් ඩේවිඩ් ලැමී, ජර්මානු විදේශ අමාත්‍ය ජොහාන් වේඩ්ෆුල් සහ යුරෝපා සංගමයේ විදේශ ප්‍රතිපත්ති ප්‍රධානී කායා කැලස්ය.

මේ වනවිට එම ගැටුමට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද මැදිහත් වී සිටින අතර, ට්‍රම්ප් පවසා ඇත්තේ ඉරානයට පහර දෙනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් සති දෙකකින් තීන්දුවක් ගන්නා බවය.

ඉරානයට මේ ආකාරයෙන් සති දෙකක් ලබා දීම සම්බන්දයෙන් ඊශ්‍රායලය කනස්සල්ල පළ කර ඇත.

(අල් ජසීරා)



අදහස් (0)

යුරෝපා විදෙස් ඇමැතිවරු ඉරාන නිලධාරීහු හමුවෙති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 143 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 15798 7
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 555 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site