
ක්‍රිමියා අර්ධද්වීපයේ සිට රුසියාවේ ක්‍රස්නොදාර් පළාතට ප්‍රවිෂ්ඨ වීමට ඇති එකම පාලමේ ට්‍රක් රථ බෝම්බයක් පිපිරීමෙන් පසු නැවත වරක් පාලමේ කොටසක් ජනතාව වෙනුවෙන් විවෘත කර ඇතැයි රුසියානු මාධ්‍ය වාර් තා කළේය.
පාලමේ දිග කිලෝ මීටර 19 ක් වන අතර මෙම පාලම යුරෝපයේ දිගම පාලම ලෙසද සැලකේ.
රුසියානු වේලාවෙන් සෙනසුරාදා උදෑසන 6 ට පමණ ලොරි රථයක් පාලම උඩදී පිපිරී ගොස් ඉන් පාලමේ කොටසක් කඩා වැටී ඇති අතර පිපිරීම හේතුවෙන් ඊට සමාන්තරව පිහිටි රේල් පාරේ ගමන් කරමින් තිබු දුම්රියක ඉන්ධන ටැංකි හතක් ද ගිනි ගැනීමට ලක් වූ බව රුසියානු මාධ්‍ය වාර් තා කළේය.
ට්‍රක් රථ බෝම්බ ප්‍රහාරයෙන් තුන්දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර එය ත්‍රස්තවාදී ක්‍රියාවක් බවත් යුක්රේනයේ සැලැස්මක් මත සිදු වන්නට ඇතැයි විශ්වාස කරන බවත් රුසියානු බලධාරීහු ප්‍රකාශ කළහ.
මෙය ආරම්භය පමණක් බවත් ක්‍රිමියා අර්ධද්වීපයේ රුසියානු බලය බිඳ වැටී ඇතැයි පවසමින් යුක්රේන පාර් ශ්වය සිදුවීමට ප්‍රතිචාර දක්වා ඇත.
බෝම්බය පිපිරීමෙන් සිවිල් යටිතල පහසුකම් විනාශ වීම පිළිබඳව යුක්රේනයෙන් ලැබුණු ප්‍රතිචාරය ත්‍රස්තවාදී ස්වභාවයක් ගන්නා බව රුසියානු විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශිකා මරියා සකරෝවා මහත්මිය ප්‍රකාශ කළාය.
මේ සම්බන්ධව රුසියානු බලධාරීන් අපරාධ පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි රුසියානු මාධ්‍ය වාර්තා කළේය.
034





2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
808
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
යුරෝපයේ දිගම පාලමේ ට්‍රක් බෝම්බ පිපිරුමක්
ජැක්සන් Sunday, 09 October 2022 04:50 PM
Kyiv regime is so desperate to taste some Russian nukes.