IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


යාපා පටුන සහලින් පුරවන්න යයි

(අංජුල මහික වීරරත්න)

යාපනයේ වී වගා කළ හැකි ඉඩම් හෙක්ටෙයාර් 3054ක් මෙවර මහ කන්නයේ දී වගා කිරීමට අවශ්‍ය පහසුකම් ලබා දීමට සුදානම් යැයි කෘෂිකර්ම වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

උතුරු පළාතේ වගා කටයුතු සම්බන්ධව  වනජීවී අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මෙි බව කීය.

වන සංරක්ෂණ කලාප වලට අයත් එහෙත් මීට  පෙර ගොවීන් විසින් වගා කළ ඉඩම් නැවත වගා කිරීමට අවසර දෙන ලෙස ඉල්ලා ගොවි ජනතාව විසින් ඉදිරිපත් කළ ඉල්ලිම් සලකා බලමින් මෙම සාකච්ඡාව පැවැත්විණි.

වන සංරක්ෂණ සීමාවලින් පිටත ඇති  ඉඩම්වල කිසිදු ගොඩනැගිල්ලක් හෝ වෙනත් ඉදි කිරීමක් නොකර වගාව සඳහා ලබා දීමේ පදනම යටතේ ලබා දීමට පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා වනජීවී දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය.

 යාපනය දිස්ත්‍රික්කයේ පමණක් එසේ හඳුනාගන්නා ලද ඉඩම් හෙක්ටෙයාර් 3054ක් තිබෙන බව වනජීවී සහ වන සංරක්ෂණ  අමාත්‍යාංශය කියයි.



අදහස් (1)

යාපා පටුන සහලින් පුරවන්න යයි

samaadi Thursday, 22 September 2022 02:58 PM

ඉස්සර මෙව්වාට කිව්වේ මුහුදට හත්ගව්වක් තියෙද්දී අමුඩෙ ගහගත්තා කියලා. ඒත් දැන් මුහුදට හත්ගව්වක් තියෙද්දී මොවුන් බිම පෙරළි පෙරළි පිහිනනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 359 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 215 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site