IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


යාපනයේ ගම් දෙකක් ගහගෙන 23ක් රිමාන්ඩ්

( රොමේෂ් මධුෂංක)

යාපනය කෝපායි පොලිස් වසමේ මත්ති ප්‍රදේශයේ ගම්වාසීන් දෙපිරිසක් අතර වූ ගැටුමකින්  අත්අඩංගුවටගත් කාන්තාවන් තිදෙදෙනෙකු ඇතුලු 23 දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට යාපනය මහෙස්ත්‍රාත් ඒ.ඒ. ආනන්දරාජා මහතා නියෝග කළේය.

මත්ති ප්‍රදේශයේ ගෙවී ගිය දින 3 ක කාලය තුලදී අවස්ථා කිහිපයකදීම ගම්වාසීන් දෙපිරිසක් අතර වූ ගැටුම් හේතුවෙන් දේපල හානි රැසක් සිදුව තිබුණි.

පසුව ඊයේ (08) දිනයේදීද ගම්වාසීණ් දෙපිරිසක් අතර වූ ගැටුම ප්‍රචණ්ඩත්වයෙන් පැවතීම හේතුවෙන් කෝපායි පොලීසියද එම් ස්ථානයට ගොස් තත්වය පාලනය කිරීමට පියවර ගෙන තිබුණි.

කෙසේ වෙතත් දෙපාර්සවයේම පොලිස් රජකාරියට හා මහජන සාමයට බාධාකරමින් නොසන්සුන්ව ක්‍රියාකල කාන්තාවන් තිදෙනෙකු ඇතුලු 23 දෙනෙකු අත්අඩංගුවට ගෙන යාපනය අධිකරණයට ඉදිරිපත් කිරීමට කෝපායි පොලීසිය පියවර ගෙන තිබුණි.

 මහෙස්ත්‍රත්රයා අත්අඩංගුවට පත් පිරිසට දැඩි සේ අවවාද කොට එම පිරිස ලබන 22 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට නියෝග කළේය.



අදහස් (0)

යාපනයේ ගම් දෙකක් ගහගෙන 23ක් රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 19 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site