IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


යාපනය, කුරුණෑගල සහ මීගමුවටත් බජාජ් ජෙනුයින් අමතර කොටස් අලෙවි මධ්‍යස්ථාන

බජාජ් ජෙනුයින් අමතර කොටස් අලෙවි මධ්‍යස්ථාන කුරුණෑගල, යාපනය සහ මීගමුව යන නගරවලද විවෘත කිරීමට ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ් විසින් පසුගියදා කටයුතු කරනු ලැබීය.

කුරුණෑගල, පුත්තලම පාර, අංක 226, කෝකුවිල් නැගෙනහිර, බ්‍රවුන් පාර අංක 405 සහ මීගමුව, කොළඹ පාර, අංක 394 යන ස්ථානවල නව බජාජ් ජෙනුයින් අමතර කොටස් අලෙවි මධ්‍යස්ථාන ස්ථාපිත කර ඇත.

බජාජ් ත්‍රිරෝද රථ, මෝටර් සයිකල්, කියුට් රථ සහ ණඔඵ මෝටර් සයිකල් සඳහා අවශ්‍ය ජෙනුයින් අමතර කොටස් සහ බජාජ් ජෙනුයින් ඔයිල්, ඔරායන් සහ MRF ටයර්, DP Accesspriesත්‍රිරෝද රථ සහ මෝටර් සයිකල් අලංකරණ උපාංග මෙන්ම මෝටර් රථ, SUV සහ වෙළෙඳ වාහන සඳහා හඳුන්වා දුන් ඇට්ලස් ටයර්ද මෙම නව අමතර කොටස් අලෙවි මධ්‍යස්ථානවලින් මිලදී ගත හැකි බව එම සමාගම කියයි.

බජාජ් ජෙනුයින් අමතර කොටස් අලෙවි මධ්‍යස්ථාන පිහිටා ඇති පරිශ්‍රයේම  වර්ක්ෂොප් ස්ථාපිත කර ඇති නිසා පාරිභෝගිකයන්ට අවශ්‍ය ජෙනුයින් අමතර කොටස් එම ස්ථානයේදීම වාහනයට සවි කරවා ගැනීමේ පහසුවද මෙහිදී හිමිවේ.‍

නව බජාජ් ජෙනුයින් අමතර කොටස් අලෙවි මධ්‍යස්ථාන ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ් විසින්ම පවත්වාගෙන යනු ලබන අතර මේ වන විට රට පුරා පිහිටි බජාජ් ජෙනුයින් අමතර කොටස් අලෙවි මධ්‍යස්ථාන සංඛ්‍යාව 20ක් දක්වා ඉහළ ගොස් ඇත.

-සටහන- චමින්ද මුණසිංහ



අදහස් (0)

යාපනය, කුරුණෑගල සහ මීගමුවටත් බජාජ් ජෙනුයින් අමතර කොටස් අලෙවි මධ්‍යස්ථාන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 350 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 789 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site