IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


යාපනයේ උඩුවිල් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට සංචරණ සීමා

 

(  සිතුම් චතුරංග)
           

යාපනය, මරදනාමඩු පොදු වෙළඳ සංකීර්ණයේ සිටි පුද්ගලයින් කිහිපදෙනකු කොවිඩ් - 19 වයිරසය ආසාදනය වී හදුනාගැනීමත් සමඟ යාපනය උඩුවිල් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය සංචරණය සීමා පැනවීම කටයුතු කළ බව යාපනය දිස්ත්‍රික් ලේකම් කේ.මහේෂන් මහතා පැවසීය.
               

මරදනාමඩු පොදු වෙළඳ සංකීර්ණයේ සේවකයින්ගේ හා වෙළෙඳුන්ගේ අහඹුලෙස සිදුකළ පී.සී.ආර්. සාම්පල පරීක්ෂාවකදී පුද්ගලයින් හයදෙනකු ආසාදිතයින් ලෙස වාර්තාවීමත් සමඟ මරදනාමඩු පොදු වෙළෙඳ සංකීර්ණයද හුදකලා කිරීමට පියවර ගත් බව පැවසීය.
               

උඩුවිල් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට අයත් ග්‍රාම නිලධාරීවසම් 30කින් 28ක් එලෙස සංචරණ සීමා යෙදවීමට කටයුතු කොට ඇති බවද පැවසීය.

               

ප්‍රදේශයන් හි සංචාරක සීමා යෙදවීම සඳහා යුද හමුදාව හා පොලිසිය යොදවා ඇති බවත් ප්‍රකාශ කළේය.
           

හදුනාගත් ආසාදිතයින් සමීපතව ඇසුරුකළ පුද්ගලයින් නිරෝධායනය සඳහා යොමුකිරීමට පියවරගෙන ඇති අතර ඔවුන් සඳහා පී.සී.ආර් පරීක්ෂණය සිදුකිරීමට නියමිත ඇති බවත් යාපනය සෞඛ්‍ය අංශ පැවසීය.


 ගතවූ පැය 24 කාලයතුල යාපනය දිස්ත්‍රික්කයේ කොවිඩ් - 19 වෛරසය ආසාදිතයින් අටදෙනකු වාර්තාවූ බවත් යාපනය ශික්ෂණ රෝහල් වෛද්‍ය අධ්‍යක්ෂ කාර්යාලය පැවසීය.



අදහස් (0)

යාපනයේ උඩුවිල් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට සංචරණ සීමා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 429 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 602 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 242 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site