
(අංජුල මහික වීරරත්න)
ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය කාර්යාලයක් යාපනය දිස්ත්‍රික්කයේ ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ශ්‍රී ලංකාවේ වැඩීම දිස්ත්‍රික්ක ප්‍රමාණයක් ඇතුළත් වන උතුරු පළාතේ වවුනියාව දිස්ත්‍රික්කය තුළ දැනට ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය කාර්යාලයක් ස්ථාපිත කර තිබේ.
යාපනය, කිලිනොච්චි හා මුලතිව් යන දිස්ත්‍රික්කවල වෙසෙන ජනතාවට ආගමන හා විගමන කටයුතු ආශ්‍රිත සේවාවන් ලබා ගැනීම උදෙසා වවුනියාව ප්‍රාදේශීය කාර්යාලය වෙත ගමන් කිරීමේදී විශාල කාලයක් වැය කිරීමට සිදුවේ.
උතුරු පළාතේ ජනතාව විශාල වශයෙන් විදේශ ගමන් බලපත්‍ර ඉල්ලුම් කර ඇති බැවින්, ඔවුන් සඳහා කඩිනම් සේවාවක් ලබා දීම පිණිස යාපනය දිස්ත්‍රික්කයේ ද ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය කාර්යාලයක් ආරම්භ කිරීම සුදුසු බවට 2025-01-31 දින ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති යාපනය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ දී යෝජනා වී තිබේ.
ඒ අනුව ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ යෝජිත යාපනය ප්‍රාදේශීය කාර්යාලය, යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රය තුළ මෙම මාසයේදී ස්ථාපිත කිරීම පිණිස මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
2025 නොවැම්බර් මස 04
765
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2407
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
යාපනයට පාස්පෝට් කාර්යාලයක්
තරිඳු කුමාර Wednesday, 02 April 2025 03:53 PM
අනුරාධපුර තිබුණ කාර්යාලය තමයි වවුනියාවට ගෙනිච්චේ. උතුරු පළාතෙ විතරක්ද ජනතාව අපහසුතාවයට පත් වෙන්නෙ. අනිත් මිනිස්සු මොක්කුද එතකොට
Toni Wednesday, 02 April 2025 11:26 PM
උතුරට කිරි අපට කැකිරි . තවත් මොනවද දෙන්න තියෙන්නේ? ඒකත් දෙනවාද?
Kule Wednesday, 02 April 2025 11:33 PM
කොටින්ට දැලි පිහිය
රුවන් Thursday, 03 April 2025 07:23 AM
ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකටම පාස්පෝට්, හැදුනුම්පත්, ආදායම් බලපත්‍ර ගන්න ස්ථානයක් තියෙන්න ඕනේ.
de silva berlin Thursday, 03 April 2025 10:44 AM
දිවයිනේ සෑම ප්‍රදේශයකම ජිවත්වන ජනතාවට තම ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා සාමාන්‍ය ක්‍රමයට ගමන් බලපත් අයදුම්පත් භාර දෙන්න පුළුවන් විදිහට කටයුතු සලස්වන්න , දිවෛනේ සෑම පළාතකම එක බැගින් එක්දින ක්‍රමයට අයදුම්පත් භාර දෙන්න කාර්යාල විවුර්ත කරන්න , මේවට අමතර නිලධාරී අවශ්‍ය වෙන්නේ නැහැ පරදේශීය ලේකම් කාර්යාල වල අවශ්‍ය ප්‍රමනෙට වැඩිය උපාධි ධාරී රජයේ සේවකයෝ ඉන්නවා ඔවුන් මේවට පුරුදු පුහුණු කරලා ගන්න පුළුවන් , අවශ්‍ය ගොඩනැගිලි වැනි වෙනත් පහසුකම් පවා රජයට එම පළාත් වල තිබෙනවා , මුද්‍රණ වියදම් ඩොලර් 5 ක් (1500Rs ) වෙන පාස්පෝර්ට් එක එක්දින ක්‍රමයට රජය දෙන්නේ රුපියල් 20000 අයකරල, පාස්පෝර්ට් මගින් රජයට විශාල ලාභයක් ලැබෙනවා , රජය එම නිසා මුදල් ගෙවන පුරවැසිය රස්තියාදු කරන්න එපා .කියව , කියව ඉන්නේ නැතුව රජය වහාම ක්‍රියාත්මක වන්න , මේවා තමා ජනතාව ඉල්ලපු සහ අගයන system chenge
Mangala Dissanayake Thursday, 03 April 2025 12:41 PM
යාපනයට දෙනවා නම් ආපහු වවුනියාවේ කාර්යාලය අනුරාධපුරයට ගෙනාවනම් හොඳයි නේද..?