(මනෝප්‍රිය ගුණසේකර)
ඥාති සහෝදරියගේ බාල වයස්කාර දියණීය දුෂණය කිරීමේ චෝදනාවට වැරදිකරු වූ යුද හමුදා විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරියකුට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා වසර 15ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කළේය.
වසර 24කට ඉහත කළ වරද සඳහා නියම කළ සිරදඬුවමට අමතරව අතවරයට ලක් වු බාල වයස්කාර දියණීයට රුපියල් ලක්ෂ 2 1/2ක වන්දි මුදලක් ගෙවීමටද විත්තිකරුට නියම කළ විනිසුරුවරයා රුපියල් 25000/-ක දඩයකටද ඔහු යටත් කළේය”
2009 අගෝසතු පළමුවැනිදාත් 31 වැනිදාත් අතර කාලය තුළ කාලය තුළ සිය ඥති සහෝදරියගේ වයස අවුරුදු 16 ට අඩු බාල වයස්කාර දියණීය දුෂණය කළ බවට විත්තිකරුට එරෙහිව නීතීපතිවරයා නඩු පවරා තිබිණී”
මේ සම්බන්ධයෙන් පැවැති දීර්ඝ නඩු විභාගය අවසානයේදී විත්තිකරුට එරෙහි චෝදනා පැමිණීල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කළ විනිසුරුවරයා අදාළ චෝදනාවන්ට ඔහු වරදකරු බවට තීරණය කළේය”
2025 දෙසැම්බර් මස 18
264
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
183
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
990
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
යුද හමුදා විශ්‍රාමික නිලධාරීයාට වසර 15ක සිර දඬුවමක්
abaran Tuesday, 26 September 2023 03:23 PM
ඉතාම සතුටුදායක ආරංචියක් . අපේ රටේ හමුදාවල හා පොලිසියේ අයගෙන් බහුතරක් ඔය රජෙ බදුමුදලින් දෙන කෝට් බෑය දාගත්තහම අමුතු උණකින් පෙළෙනවා . දැන් කෝට් බෑයත් නැහැ . බලුවෙලා හිරේ තපිනවා . මේවා දැකලවත් දැනට සේවයේ ඉන්න අය හැදෙනවානම් හොඳයි .
ravin Tuesday, 26 September 2023 03:31 PM
බරපතල වරදක වරදකරුවකු නේද ?ඇයි මේ නම ගම ආදිය පලනොකරන්නේ ?ධනයද ?බලයද ?මෙම තැනැත්තා සාමාන්‍ය සෙබලෙක්නම් ?දුප්පත් පුද්ගලයෙක් නම් ?
kotiyaa Tuesday, 26 September 2023 03:39 PM
යකෝ අවුරුදු 24ක් ගියාද ඕක හොයාගන්න. කෙල්ලට දැන් අවුරුදු 33ක්.
පැරකුම්Tuesday, 26 September 2023 05:43 PM
kotiyaa කොහොමද වයස හොයාගත්තෙ? මට පේන විදිහට kotiyaa වැඩි විස්තර දන්න පාටයි.
ප්‍රැන්සිස්කු Wednesday, 27 September 2023 10:19 AM
මේවා ගැන අහද්දී සිතෙන දේවල් ෆෝන් එකේ කොටන්න බැහැ