IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


යුද හමුදාව පොල් පැල තවාන් දමයි

(ක.ග.කරුණාරත්න)

පොල් වගාකිරීමේ මණ්ඩලය සහ ශ‍්‍රී ලංකා යුද හමුදාව එක්ව පොල් පැල නිෂ්පාදන ව්‍යාපෘතියක් වැලිකන්ද කන්දකාඩුව යුද හමුදා ගොවිපලේදී ආරම්භ කරනු ලැබීය.

පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් ලබාදෙන ලද පොල් බීජ පොල් ගෙඩි 10,000ක් ගොවිපල භූමියේ තවාන් කිරීම සිදු කළේය.

එසේ තවාන් කරන ලද පොල්, වගා කිරීමට සුදුසු තත්වයේ පැල වගා කිරීම සඳහා සුදුසු අවස්ථාවට පැමිණීමෙන් පසු පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් නැවත මිලදී ගෙන ඒවා වගා කිරීම සඳහා ගොවි ජනතාවට ලබාදීමට නියමිත බව පොල් වගාකිරීමේ මණ්ඩලයේ පොලොන්නරුව සහකාර ප‍්‍රාදේශීය කළමනාකරු මංජුල හේවාමලවි මහතා ප‍්‍රකාශ කළේය.

 

 



අදහස් (9)

යුද හමුදාව පොල් පැල තවාන් දමයි

Eranga Friday, 17 December 2021 01:16 PM

ශවේන්ද්‍රට කියලා ඩොලර් ටිකකුත් පැල කරවාගන්න බැරි වෙයිද සර්ට..?

:       38       15

JCN Friday, 17 December 2021 01:30 PM

ශවේන්ද්‍රව පැල කරල තවත් ඒ වගේ දහ දාහක් හදා ගන්න තිබ්බ නම්...

:       4       52

Perera Friday, 17 December 2021 02:31 PM

ටයි, සාරි ඇඳගෙන කොහොමද පොල් හිටවන්නේ?

:       39       8

Alfread de CostaSaturday, 18 December 2021 07:37 AM

ඔය හිටවෙලා තියෙන්නෙ ලස්සනට. ඇයි අමුඩෙ ගහගෙන පොල් පැල කරොත් විතරද පැල වෙන්නෙ. අනුන්ගෙ වැඩ වල ඇද කුද හොයන්නෙ නැතුව තමුන් රටට මොකක් හරි හොඳ දෙයක් කරන්න හිතනව. අනුන්ගෙ ඇදම විතරක් හොය හොය හිටපු නිසා තමයි රටට මෙහෙම වෙලා තියෙන්නෙ.

:       0       0

kamalSaturday, 18 December 2021 07:59 AM

මේ පින්තුරේ ඉන්නේ සබේ ගොවීන් .ඒකයි ටයි ,සාරි ඇඳගෙන ගොවිතැන් කරන්නේ

:       0       0

De Friday, 17 December 2021 03:29 PM

මෙන්න හොඳ වැඩක්... සර් පුළුවන් නම් හමුදාව දාලා පොල්පැලගස් 10000ක් හිටවන්න. අද හිනාවෙන මිනිස්සු තව කාලෙකින් ස්තුති කරනු ඇත. සර් කරන හොඳ වැඩට අපි පූර්ණ සහයෝගය දෙනවා. ගොඩක් හොඳයි සර්..!

:       9       76

kamal Friday, 17 December 2021 05:07 PM

හොඳ සංදර්ශනයක්. තව නැද්ද?

:       47       5

chandima Saturday, 18 December 2021 02:09 AM

පොල් ගෙඩියට දෙන්නා ගානේ ඉන්නවා

:       0       0

somepale Saturday, 18 December 2021 05:03 AM

පස්දෙනෙක් වැඩ, කාලය කන්නෝ විස්සක් විතර බලාගෙන ඉන්නවා ,පහලොස්දෙනෙක් විතර වැඩ කරන විදිහ කියා දෙනවා. නොදෝමකින් විතරක්, ඉතින් කොහොමඳ රටක් හරියන්නෙ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 253 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 181 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site