IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


යුද විරු සැමරුම වෙනුවෙන් නාමල්ලා ආශිර්වාද පූජාවක

(අංජුල මහික වීරරත්න)

තිස් වසරක් පැවති යුද්ධය නිමා කරන මොහොතේ සේනාධිනායක ලෙස කටයුතු කළ පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු රණවිරුවන් උදෙසා ආශිර්වාද කිරීමත්, යුද්ධයේදී දිවි පිදු රණ විරුවන්ට පිං පැමිණවීමත්, ආබාධිත රණවිරුවන්ට ආශිර්වාද කිරීමත්, රණවිරු පවුල්වල අයට උපහාර පිදීමත් අරමුණු කරගනිමින් ඓතිහාසික තිස්සමහාරාම රජ මහා විහාර භූමියේදී ආශිර්වාද පූජාවක් පැවැත්විණි.

මෙම ආශිර්වාද පූජාව සඳහා අග්ගමහා පණ්ඩිත මහෝපාධ්‍යය ඕමාරේ කස්සප නා හිමි, තිස්සමහාරාම සදගිරි උභය මහා විහාරාධිපති ආචාර්ය දේවාලේගම ධර්මසේන,දේශප්‍රේමී භික්‍ෂු සංවිධානයේ මහලේකම් බෙංගමුවේ නාලක නාහිමිවරුද සහභාගී වූහ.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ, හිටපු කථානායකවරුන් වන චමල් රාජපක්ෂ සහ මහින්ද යාපා අබේවර්ධන මහත්වරු ඇතුළු දේශපාලකයෝ රැසක් මීට සහභාගී වූහ.



අදහස් (10)

යුද විරු සැමරුම වෙනුවෙන් නාමල්ලා ආශිර්වාද පූජාවක

pradeep Sunday, 18 May 2025 07:07 PM

ඔබට මිනිසුන්ව රවටන්න බැහ මේ වගේ නාටක පෙන්නලා...

:       1       3

බේරේ ගඳ නෑරේ Sunday, 18 May 2025 07:15 PM

ලෝක හොරු වුනත් මල් අරන් යනකොට මල් ටික ලස්සනයි...

:       23       48

HafeelMonday, 19 May 2025 07:30 AM

ඒ වගේම සුදු ඇඳගෙන ඉන්න බහුතරයක් අයට බරපතල නඩු දැනටමත්...

:       2       5

Nandalal de Silva - France Sunday, 18 May 2025 10:06 PM

මොවුන්ට තමා කියන්නේ මාර කපටි හොරු කියලා...!!! මැදමූලන හැරමිටි නාකි මයිනා හෙවත් "මරා" දැන් ඉන්නවා කියන්නේ, "අදද-හෙටද " කියන්න බැරි තරම් ඉතාම දුර්වල තත්ත්වයකලු... ඉතාම වැදගත් විශ්වාසවන්ත ආරංචි මාර්ගයකින් ලැබුණු මෙම පුවත ගැන වැඩිදුර විස්තර දැන්ම හෙළි කරන්න බැහැ.. ඒක වෙනම කථාවක්.... යුද මෙහෙයුම් වලදී රට වෙනුවෙන් දිවිපිදූ සහ ආබාධිත රණවිරුවන්ට පින් අනුමෝදන් කිරීමට සහ සෙත් පැතීමේ කඩතුරාවට මුවාවී, මෙම ප-රාජපස්ස සංහතිය කර තිබෙන්නේ වෙනත් "සෙත් පැතීමේ" පිං කමක් බව අපේ ආරංචි මාර්ග තව දුරටත් සනාථ කරනවා...! මෑතකදී දණිස් වල ශල්‍යකර්ම වලට මුහුණ දී, 80 වෙනි වියට පා තබන "වලපයයි - ගොඩ පයයි" තබා සිටින "මරාට ", සෙත් පැතීම සඳහා, රට වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන්ගේ නාමයෙන් රාජපක්ෂ රංචුව, මරාට පිං දීලා, මැරෙන්නෙත් ඉස්සර වෙලා...!!! රණවිරුවන්ට අනුමෝදන් කිරීමට කියා කරපු පින්කමේ පිං ටිකත්, හොරකම් කරගෙන, ඔවුන්ගේ මඩියට දමා ගත් මොවුන් වැනි ජරා, කපටි වරිගයක් ලොවෙත් නැත, ලොවි ගහේත් නැත !

:       1       7

ලුම්බිණි Monday, 19 May 2025 05:30 AM

යුද්ධයෙන් මියගිය සිවිල් වැසියන්ට පින් දෙන්නේ නැද්ද ?

:       1       2

MD Monday, 19 May 2025 09:10 AM

දේශදෝහි නිරාගමික පරදේශක්කාරි වසල ආණ්ඩුවක් බිහිකිරීමට ඡන්දය දුන්නු වෛරී සිත් ඇති කුහක කුජිත ලාංකික ගොබ්බ ජනතාවට අපගේ බලවත් කණගාටුව. සියලුම රණවිරුවන් ඇතුළු මියගිය සමස්ථ සියලු ලාංකික ගිහි පැවිදි දෙපක්ෂයටම නිවන් සුව අත්වේවා...!

:       6       3

බේරේ ගඳ නෑරේ Monday, 19 May 2025 01:21 PM

සියලුම රණවිරුවන්ට ඇයි නිවන්සුව පතන්නේ...?

:       0       4

බේරේ ගඳ නෑරේ Monday, 19 May 2025 04:08 PM

තාම ජීවත්වෙන අයත් ඉන්නවා.

:       0       3

ගමේ එකාලා Monday, 19 May 2025 02:11 PM

දළදා මාළිගාව ඉස්සරහ කාර් රේස් තියපු, ,යුද්දෙන් පස්සේ සුද්දේ දිපු දුශිත පවුල් පාලනේ හොර පෙරකදෝරුවා ආසිර්වාද පූජාවක?

:       1       6

Nandalal de Silva - France Monday, 19 May 2025 03:30 PM

අනේ කියන්නද? එයාගෙයි, මගෙයි ආශීර්වාද පූජා... රණවිරුවන්ට පින් අනුමෝදන් කරන්න මුන් රංචුව අවුරුදු ගාණක් බලං හිටලා.. අප්පච්චි නාකි වුනේ නැත්නම්, අවුරුදු 16 කට පස්සේවත්, මෙහෙම පිංකමක් ප-රාජපස්සලා කරාවිද මන්දා... පව්... අනේ ... පව් !

:       1       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 666 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2333 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1724 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site