IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


යුද ගිනි නිවී ලෝක සාමය උදාවේවා

(අංජුල මහික වීරරත්න)

ලෝකයේ නොයෙක් රටවල ඇවිලී තිබෙන යුද ගිනිදැල් නිවී සතුටින් හා සාමයෙන් ජීවත් වීමේ භාග්‍යය උදාවේවායි සමස්ත ශ්‍රී ලාංකිකයින් සමඟ ප්‍රාර්ථනා කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය අමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය වෙසක් දින පණිවිඩයෙන් පවසයි.

අග්‍රාමාත්‍යවරිය මෙසේද කියයි.

සම්බුදු රජාණන් වහන්සේගේ තෙමඟුල සිහිකරමින් ආමිස හා ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පුදන්නට ශ්‍රී ලංකාවේ බෞද්ධ ජනතාව පෙළ ගැසෙන මේ වෙසක් සමයේ සමස්ත රටවැසියන් වෙත වෙසක් සුභ පැතුම් පණිවුඩයක් නිකුත් කිරීමට ලැබීම ගැන මම සතුටු වෙමි.

ශ්‍රී ලංකාවාසී ජන ජීවිතය ඈත අතීතයේ සිටම බුද්ධ දර්ශනය හා බැඳී පවතී. එය බුදු දහමෙන් අපට ලැබුණු දායාදයකි. අප රටේ විවිධ ජාතීන් විවිධ ආගම් අදහමින් සමගියෙන් සහ සහජීවනයෙන් ජීවත් වන අතර සියලුම දෙනා එක්ව වෙසක් උත්සවය වැනි ප්‍රධාන ආගමික උත්සවයක් සැමරීම ඊට හොඳම නිදසුනකි.

"පොහොසත් රටක් ලස්සන ජීවිතයක්" ගොඩනැගීමේ අපේ තේමා පාඨය මූලික කරගෙන පිහිටුවාගත් අප රජය යටතේ එළැඹි පළමු වෙසක් උත්සවය මෙයයි. අප දේශය නිවැරදි පරිවර්තනයකට යොමු කරමින් සිටින මෙවන් අවධියක මානව සිත්සතන් සුවපත් කිරීමට ද මෙම වෙසක් කාලය වඩාත් සුදුසු බව මගේ විශ්වාසයයි. ඒ සඳහා සියලුම දෙනා එක්සිත්ව හා එක්සත්ව ඇත්වැල් බැඳගනිමුයි මාගේ වෙසක් පණිවුඩය තුළින් ඔබ සැමට ආරාධනා කිරීමට මෙය අවස්ථාවක් කර ගනිමි.

ඔබ සියලු දෙනාටම සුභ වෙසක් මංගල්‍යයක් වේවා! තුනුරුවන් සරණයි.

 



අදහස් (2)

යුද ගිනි නිවී ලෝක සාමය උදාවේවා

prasanna Monday, 12 May 2025 10:18 AM

ලෝකය ගැන කතා කරන්න කළින් අපේ රටේ අපරාද රැල්ල නවතන්න.

:       0       0

Gagana Monday, 12 May 2025 11:13 AM

කතාව නිකන් පාප් වහන්සේ වගේනේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 992 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site