IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


යුද්ධයෙන් ලෝකය යහපත් කරන්න බෑ - මෝදි

ලෝකය යහපත් තැනක් කළ හැක්කේ, සාමය පවතින්නේ නම් පමණක් බවත්, යුද ගැටුම්වලින් එය කළ නොහැකි බවත්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පෙන්වා දෙයි.

කෙසේ නමුත්, ලෝක සාමයට ත්‍රස්තවාදය බාධාවක් බවත්, ත්‍රස්තවාදයට සැවොම එරෙහි විය යුතු බවත්, ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වැඩි දුරටත් පැහැදිලි කර ඇත.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මේ බව පැහැදිලි කළේ ඇමෙරිකාවේ එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ පැවැති ‘එක්සත් ජාතීන්ගේ අනාගත සමුළුවට’ සහභාගී වී එම සමුළුව අමතමිනි. 

එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස්ගේ ප්‍රධානත්වයෙන්, ප්‍රධාන පෙළේ ලෝක නායකයන් රැසකගේ සහභාගීත්වයෙන්, ‘එක්සත් ජාතීන්ගේ අනාගත සමුළුව’ පැවැත්වෙන්නේ අනාගත ලෝකය යහපත් තැනක් කිරීමේ අරමුණින්ය. 

මෙම අනාගත සමුළුව, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස්ගේ සංකල්පයකට අනුව ආරම්භ වූවකි. මෙම නව සමුළුව පැවැත්වෙන්නේ එලැඹෙන 2025 වසරේ දී එක්සත් ජාතීන්ගේ සංවිධානය පිහිටුවා වසර 80 ක් පිරීමට සමගාමීවය.

සමුළුවට ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි, යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පමණක් නොව, ඉරානයේ නව ජනාධිපති මසූඩ් පෙසෙෂ්කින, රුසියාව වෙනුවෙන් එරට නියෝජ්‍ය විදේශ අමාත්‍ය සර්ගේ වර්ෂිනින් පවා සහභාගී වූහ.

යුද ගැටුම්, දේශගුණ විපර්යාස, දරිද්‍රතාව, අසමානතාව සහ අනාගත ලෝකයට බලපෑම් ඇති කරන ‘ඒ.අයි.’ හෙවත් කෘත්‍රිම ඥානය ගැන එක්සත් ජාතීන්ගේ අනාගත සමුළුවේ දී ලෝක නායකයන්ගේ අවධානය යොමු විය.

(එන්.ඩී.ටීවී.)



අදහස් (1)

යුද්ධයෙන් ලෝකය යහපත් කරන්න බෑ - මෝදි

Raman Tuesday, 24 September 2024 06:46 AM

ඉස්සර ඇදේට ගිය කකුළුවෙක් දැන් අලුත් කකුළුවන්ට කෙලින් යන්න කියනවා වගෙයි. අන්තර්ජාතික යුද්ධ නොකරට මෙයා ගුජරාට් ප්‍රාන්තයේ මහ ඇමති කාලේ මුස්ලිම් විරෝධී අරගල වලට මුල් වුණු අන්තවාදී පාලකයෙක් හැටියට පෙනී හිටියේ.

:       4       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 187 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 160 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 964 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site