IMG-LOGO

2025 මැයි මස 13 වන අඟහරුවාදා


යුද්ධයෙන් මිය ගිය මහවිරුවන්ගේ නම් ලැයිස්තුවක් නල්ලූර්හි ප්‍රදර්ශනයට

(රොමේෂ් මධුෂංඛ)
 
අදට (27) යෙදී ඇති ‘මහවිරු දිනය’ නිමිත්තෙන් යුද සමයේදී මිය ගිය මහවිරුවන් 25,000කගේ පමණ නම් ලැයිස්තුවක් යාපනය නල්ලූර් ප්‍රදේශයේදී ජනතාවට දැක බලා ගැනීම සඳහා ප්‍රදර්ශනය කර ඇත.
 
ඊයේ (26) රාත්‍රියේ මෙම නම් ලැයිස්තුව නල්ලූර් ප්‍රදේශයේ ප්‍රදර්ශනය කෙරුණු අතර අදාළ නම් ලැයිස්තුවේ මිය ගිය දරු මුණුබුරන් ඇත්තේද යන්න දැක ගැනීම සඳහා සාමාන්‍ය වැසියෝ ඊයේ රාත්‍රියේ සිට අද දිනය පුරා පැමිණෙමින් සිටිති.
 
අදාළ නම් ලැයිස්තුවේ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ජාතික පුෂ්පය වශයෙන් සැලකෙන නියගලා මල පමණක් ප්‍රදර්ශනය කර තිබූ අතර එම සංවිධානයේ හෝ පුද්ගල ඡායාරූපයක් ප්‍රදර්ශනය කර නොතිබුණි.
 
කෙසේ වෙතත් තහනම් ත්‍රස්ත සංවිධානයක් වූ කොටි සංවිධානයේ කිසියම් නීතිවිරෝධී සැමරීමක් සිදුවන්නේද යන්න පිළිබඳව උතුරේ ආරක්ෂක අංශ විසින් සීරුවෙන් සිටින අතර එවැනි සැමරීම් සිදු කරන පුද්ගලයන්ට එරෙහිව නීතිය උපරිම ක්‍රියාත්මක කිරීමටද ආරක්ෂක අංශ පියවර ගෙන ඇත.



අදහස් (13)

යුද්ධයෙන් මිය ගිය මහවිරුවන්ගේ නම් ලැයිස්තුවක් නල්ලූර්හි ප්‍රදර්ශනයට

Srinivasan Wednesday, 27 November 2019 05:45 AM

යුද්ධයෙන් මිය ගිය ශ්‍රී ලාංකිකයෝ ලෙසට දෙපාර්ශවයේ ම නම් සිහි කරලා අනුරාධපුරේ වගේ එක ස්මාරකයක් හැදුවොත් නරක ද. මේ එන්නෙත් අම්මලා තාත්තලා. බහුතරයක් අය ව බලෙන් ගත්තේ හමුදාවට. මේ හැමෝ ම අපේ රටේ ඉපදුණ අය. දේශපාලනය නිසා විනාශ වුන අය. මහ විරු තහනම් කරන්න ඕන නම් දෙපස ම මරණ සිහි කරන්න එක දිනයක් දීම සාමයට හේතුවක් වේවි. නැත්නම් ජවිපෙ විරු සමරු ද තහනම් කල යුතුයි නේ ද.?

:       314       357

janahithaMonday, 09 December 2019 06:56 AM

ඔය මහවිරුවන් අටවපු බෝම්බයක් පිපුරුවා නම් ඔය උණ බහියි.

:       2       1

සෙනෙවිරත්න Wednesday, 27 November 2019 05:46 AM

විරුවන් වර්ග කල නොහැක කෙනෙකුට විරුවෙක් අනෙකෙකුට ද්‍රෝහියෙකි. එය සාපේක්ෂයි. කවුරුත් සටන් කලේ තම අරමුණු වෙනුවෙනි. එහිදි දෙපසම අතින් මානව හිමිකම් කඩවිනි. යුද්ධයේ ස්වභාවය එයයි. කල යුත්තේ තුවාල පෑරීම නොව එය අමතක කර ඉදිරියට යාමයි. දෙපසම එසේ කරන බවක් නොපෙනේ.

:       285       183

bule Wednesday, 27 November 2019 06:07 AM

හදපු අය ගෙන්වා ඔවුන්ටම මෙය ඉවත් කල යුතුය යන නියෝගය රජය විසින් දැනුම් දිය යුතු වේ.

:       157       215

VajiraWednesday, 27 November 2019 08:37 AM

අපේ නව ජනාධිපතිතුමා එක්ක මේ සෙල්ලම් හරියන්නේ නැහැ. එතුමා වහාම මෙය කඩා ඉවත් කරාවි...

:       102       67

sandy123 Wednesday, 27 November 2019 07:26 AM

ශ්‍රීනිවාසන්/සෙනෙවිරත්න - ඉතා හොද විග්‍රහයන් දෙකක්.

:       1       149

sharm warn Wednesday, 27 November 2019 08:08 AM

යුද්ධය පැවති කාලයේත්, අවසන් වූ පසුත් අද දක්වාත් නොකඩවා සිදුවෙන එකම ක්‍රියාව තමයි කොටි සංවිධානයට සුදු හුණු ගාන්න උත්සාහ කරන එක... මේක ලංකාවේත්, ජාත්‍යන්තර සහයෙනුත් විවිධ මට්ටම් වලින් සිදුවුණා සිදුවෙනවා... මේ හැම දෙයක්ම දේශපාලන නාටක... ඒ වෘත්තියේ යෙදෙන කවුරු කවුරුත් බලන්නේ මිනිස්සුන්ගේ මානුෂික හැඟීම්වලින් තමන් ගොඩයන්න... මෙච්චර කාලෙකට පස්සේ දැන් මේ නම් ප්‍රසිද්ධ කරන්නේ නීත්‍යානුකූල හමුදාවක සාමාජිකයින්ගේද? මේ අයව වැඩිපුරම බලෙන් යුද්ධයට යොමු කරවලා මරණය අතට දීලා නෙමෙයිද මේ සෙල්ලම කලේ කොටි නායකයා...?

:       3       78

රවින් Wednesday, 27 November 2019 08:21 AM

යුද්ධය කුරිරුයි. සාමය නිශ්චලයි. මෙහි සිටින සියලු දෙනාම සත්‍යවශයෙන්ම මියැදෙන්න ඇති. යුද්ධයේදී මියගිය අයවලුන් ගැන හරි තොරතුරක් කිසිවෙක් නොදනී. කොහොම උනත් ඔය ප්‍රදර්ශනය කරලා තියන පුරුවේ ඉන්නා අයවලුන්ගේ ළඟම නෑයින්ගේ ඩී . එන්. ඒ සාම්පල අරගෙන බටහිර රටවලට යැව්වොත් ඒ ඒ රටවල සිටිනා ශ්‍රී ලාංකීය සම්බවයක් ඇති අය සමග සසඳලා බලන්න කියලා මෙහි සත්‍ය අසත්‍ය බාවය ලොවටම නිසි ලෙස වැටහෙනු ඇත.

:       1       5

siri Wednesday, 27 November 2019 09:02 AM

"අපිත් එක්ක ඔය සෙල්ලම් බැහැ." කියලා නේද කිව්වේ? බලාගෙන ගියහම දෙකම එකයි වගේනේ...

:       203       45

Nimal Wednesday, 27 November 2019 10:19 AM

මොන පැත්තෙන් ගත්තත් යුද්ධය සිදුවිය නොයුතු දෙයක්... එකම රටේ මහජනතාව දෙපැත්තකට වෙලා අවි අමෝරා එකිනෙකාට විරුද්ධව යුද්ධ කළා. ඊට දෙපාර්ශවයෙන්ම හේතු වූ කාරණා පිළිගත නොහැකියි. ඉන් මියැදුණේ, ආබාධිත තත්වයට පත් වුණේ මේ රටේම පුරවැසියන්. අද මළගිය පුරවැසියන් සිහි කිරීමටත් ඇනකොටා ගන්නා තත්වෙකට පත්වෙලා. රටක් හැටියට දියුණු වෙන්න නම්, ඉදිරියට යන්න නම් මේ එකිනෙකාට විරුද්ධව කෙරෙන එරෙහිකම් නතර කළ යුතුයි. සෑම රටවැසියෙක්ම මේ රටේ ශ්‍රී ලාංකික වැසියන් යන හැඟීමෙන් කටයුතු කළයුතු වෙනවා. සිංහල, දමිල, මුස්ලිම්, බර්ගර් සියල්ලන්ම ශ්‍රී ලාංකික පුරවැසියන්... එකිනෙකාගේ අයිතිවාසිකම් දෙස වෛරයෙන් බැලීම නතර කරමු. මෙරට සෑම ජන කොට්ටාශයකටම අයත් සියල්ලන්ම අපගේ රටේ ශ්‍රී ලාංකික පුරවැසියන් වශයෙන් සලකමු.

:       224       73

Champa Wednesday, 27 November 2019 10:47 AM

මහවිරුවෝ සමරුවේ ප්‍රභාකරන්. මහවිරුවෝ කියන්නේ අහිංසක සිවිල් වැසියන් අමු අමුවේ මරා දමපු දරුණු ගණයේ පුහුණු ත්‍රස්තවාදීන්. මොවුන්ගේ නම් ප්‍රදර්ශනය කරන්න ඉඩ දුන්නේ මොන නීතිය යටතේද? ත්‍රස්තවාදීන් සමරන්න ඉඩ දෙන එකම රට ලංකාව. හොඳයි වැඩේ. වහල් ආණ්ඩුවවත් පහුගිය අවුරුදු 5ට මෙහෙම කරන්න ඉඩ දුන්නේ නැහැ. මේකත් යුද්ධය වෙනුවෙන් ජීවිත පූජා කරපු හමුදාවේ ස්මාරකයට සමානයි නම් රටට යුද හමුදාවක් අවශ්‍ය නැහැ. හමුදා සාමාජිකයෝ ජීවිත පූජා කළේ ත්‍රස්තවාදය නැති කරන්න රට වෙනුවෙන්, රටේ ආරක්ෂාව වෙනුවෙන්. මහවිරුවෝ කියන ත්‍රස්තවාදීන් මැරුණේ අහිංසක සිවිල් පුරවැසියන් ඝාතනය කරමින් ස්වෛරී ස්වාධීන රටක් විනාශ කරලා. මේ දෙගොල්ලෝ සමාන වෙන්නේ කොහොමද? කිව්වේ නම් කොහොමද? ගෝඨාභය කියන්නේ ජාතියේ මහ බලකණුව කියලා.

:       1       43

මෝ Thursday, 05 December 2019 06:23 PM

දෙපැත්තෙන්ම මියෑදුනේ ලාංකීය දරුවන්‍ය. හැම අම්මෙකුටම තම දරුවා වටිනේය. දකුනේ අම්මලාගේ කඳූලේත් උතුරු නැගෙනහිර අම්මලාගේ කදුලේත් වටිනාකම එකමය. ඒ වැටෙන්නේ තම දරුවා වෙනුවෙන් වැටෙන කඳුලුය. සැබෑ සහජීවනය ඇවැසි නම් සාමයේ මහෝත්සවය අනුරාධපුරදී සමරමු. උතුරේ සහ දකුනේ දරුවන් යුද්දයට බිලිවූ සියලුම දරුවන්ගේ ඡායාරූප රැගෙන විත් සියලු දෙනාම එකට සමරමු. යුද්දය නිසා මියගිය සිවිල් වැසියන් විශේෂයෙන් බෝම්බ ගණනාවකට බිලිවූ දකුනේ මිනිසුන්ගේ නෑයිනුත් එක්වී ඔවුනුත් සමරමු. අදහන ආගමට අනුව එකම තැන ආගමික වතාවත් කරමු. සියලුම පක්ශ නියෝජනය කරන නායකයින්ද මේ කාරියට සහභාගී කරවමු. දෙමල ඩයස්පෝරාවටත් විදේශීය තානාපතිවරුන්ටත්, විදේශ නියෝජිතයින්ටත් සහභාගි වෙන්න කියමු. දෙගොල්ලගේම නාම පුවරු ප්‍රදර්ශනය කර සාමයේ ස්මාරකයක් සියලු ජන කොටස් නියෝජනය වෙනසේ ගොඩ නගමු.ජනතාව සහජීවනය හා අත්වැල් බැද ගනීවි ඔවුනොවුන් හදුනාගත්විට.

:       1       5

Chandima Saturday, 21 December 2019 12:03 AM

එල්ටීටීයෙන් මරපු සිංහල මිනිස්සුන්ගේ නම් ටිකත් ඔයා ළඟින්ම ප්‍රදර්ශනය කළා නම් ඕක තහනම් කරනවට වඩා හොඳයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ලුණු මිල ඉහළට
2025 මැයි මස 13 598 2

ලුණු ආනයනය ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති බව ලුණු නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ගණක අමරසිංහ මහතා පැවසීය.


කොත්මලේ අනතුර ගැන සොයන කමිටුව කොත්මලේට
2025 මැයි මස 13 428 0

කොත්මලේ රම්බොඩ ගැරඩිඇල්ල ප්‍රදේශයේ ඉකුත් 11 වන දින සිදු වූ බස් රථ අනතුර සම්බන්ධයෙන් සොයා බැලීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පත් කළ කමිටු


ගල්ගමුවේ වැවක ගිලි දැරියන් දෙදෙනකු මරුට
2025 මැයි මස 13 1100 0

ගල්ගමුව පාළුකඩවල වැවේ දිය නෑමට ගිය පාසල් දැරියන් දෙදෙනකු දියේ ගිලි මියගොස් ඇතැයි පොලිසිය කියයි.


ත්‍රිරෝද රථ ගැටී හයක් රෝහලට
2025 මැයි මස 13 542 1

පොළොන්නරුව මනම්පිටිය නගරයට ආසන්නව කදුරුවෙල දෙසට ධාවනය කළ ත්‍රීරෝද රථයක් තවත් ත්‍රිරෝද රථයක් ඉස්සර කිරීමට යෑමේදී, එම ත්‍රීරෝද රථ දෙක එකිනෙක ගැටී මාර්


ජපානය කනස්සල්ලෙන්
2025 මැයි මස 13 2934 7

ජපානයෙන් ශ්‍රී ලංකාවට ආනයනය කරන වාහන සඳහා පනවනු ලබන ඉහළ බදු අනුපාත පිළිබඳව මෙරට ජපාන තානාපති අකියෝ ඉසොමාටා මහතා පසුගියදා පැවැති වටමේස සාකච්ඡාවකදී කණ


වෙසක් නරඹා එද්දී ලොරිය හැපිලා 10ක් රෝහලේ
2025 මැයි මස 13 695 1

කොළඹ වෙසක් සිරි නරඹා ආණමඩුව වෙත ගමන් කරමින් තිබු ලොරි රථයක් මූදුකටුව ප්‍රදේශයෙදී මාර්ගයෙන් ඉවතට පැන සිදුවු අනතුරීන් තුවාල ලැබු දස දෙනකු මාරවිල මූලික


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1286 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1539 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 400 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site