
(අංජුල මහික වීරරත්න)
ආර්ථික සංවර්ධනය ඇති කිරීම සඳහා ආගමික සංහිඳියාව ඉතා වැදගත් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
උතුරේ යුද්ධයෙන් අහිමිවූ ආදායම් නැවත උතුරට ලබා දීමේ සංවර්ධන වැඩපිළිවෙළ වේගවත් කිරීමට අපේක්ෂා කරන බව පැවසු ජනාධිපතිවරයා එහිදී ආගමික නායකයන්ට සිදුකළ හැකි කාර්යභාරය අතිමහත් බවද පෙන්වා දුන්නේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ අද (06) පෙරවරුවේ යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී උතුරු පළාතේ සර්ව ආගමික නායකයන් සමඟ සාකච්ඡාවකට එක් වෙමිනි.
උතුරු පළාතේ ආරක්ෂක හමුදාව යටතේ පවතින ප්‍රදේශවල ඇති කෝවිල් හා පල්ලි පිළිබඳ ගැටළුවලට කඩිනමින් විසඳුම් ලබාදීමට කටයුතු කරන බවත්, එම ආගමික ස්ථාන ප්‍රතිසංස්කරණ කිරීමට පියවර ගන්නා බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.
එසේම සර්ව ආගමික නායකයන් සහ නල්ලූර් කෝවිලේ භාරකරුවන් කැමතිනම් නල්ලූර් කෝවිලට වඩා විශාල කෝවිලක් ඉදි කිරීමට කටයුතු කළ හැකි බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.
ක්‍රිස්තියානි පල්ලිවල තිබෙන ගැටලුවලට විසඳුම් ලබාදීමට ඉදිරියේ දී පියවර ගන්නා බවත් විශේෂයෙන් මඩු දේවස්ථානයේ ගැටලු කඩිනමින් විසඳීමට කටයුතු කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
මුස්ලිම් ජනතාව යුද සමයේ මෙම ප්‍රදේශ අතහැර ගිය බවත්, ඔවුන්ට නැවත පදිංචි වීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇති බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 16
19
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
යුද්ධයෙන් අහිමි වූ ආදායම යළි උතුරට දෙනවා
rattu Saturday, 06 January 2024 05:08 PM
එතකොට පිනෝ උතුරේ පාරම්පරිකව හිටපු සිංහලයන්ගේ තිබුන උන් හිටි තැන් උඹට මතක් වෙන්නෙම නැද්ද ?
Nimal Saturday, 06 January 2024 05:54 PM
1981 මැයි ජුනි මාස වල කළා වගේද ?
saki Saturday, 06 January 2024 06:03 PM
මුට පිස්සුද
nanda Saturday, 06 January 2024 06:04 PM
උතුරු පළාත අතහැර ගිය සිංහල මිනිසුන් මතක් වෙලා නෑ වගේ
chandima Saturday, 06 January 2024 08:19 PM
බලමු දකුණේ මිනිස්සු වගේ උතුරේ මිනිස්සුත් රැවටෙයිද කියලා...?
sam Saturday, 06 January 2024 08:25 PM
දේශපාලන සංහිඳියාව රඳා පවතිනුයේ ආගමික සංහිඳියාව මතවේ. සර්ව ආගමික නායකයින් මධ්‍යස්තව එක මතයක සිටීම සහ අතීතයේ සිදුවූ සිදුවීම් නැවත සිදුනොවිමට දේශපාලකයින්ට මෙන්ම සර්ව ආගමික නායකයින්ටද සමාජය වෙනුවෙන් වගකීමක් සග වගවීමක් තිබේ...!
G. K. Ekanayake Saturday, 06 January 2024 10:48 PM
යුද්ධය නිසා දකුණට අහිමි වූ අදායම දෙන්නේ නැද්ද? යුද්ධයට පෙර උතුරේ ස්ථිර පදිංචිව සිටි සිංහලයින් නැවත උතුරේ පදිංචි කරන්නේ නැද්ද?
chandima Sunday, 07 January 2024 06:20 AM
මෙයා නල්ලූර් කෝවිල ඕනැ නම් ඩබල් කරලා දෙන්නම් කියන්නේ ඇත්තද? බලපුවාම සායිබබා වගේනේ...!
sam Sunday, 07 January 2024 10:31 AM
ආයිත් යාපනේ මිනිස්සු අන්දන්නයි මේ හදන්නේ. ලොකු කෝවිලක්. මිනිස්සුන්ට ජීවත් වෙන්න විදිහක් නෑ. ලොකු කෝවිලක්. එතකොට බඩ පිරෙනවද? අනේ දැන්වත් මිනිස්සු අන්දන එක නවත්තන්න.