(රොමේෂ් මධුෂංඛ)
වව්නියාව උතුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පෙරියකච්චි කුලම් රක්ෂිතයට මායිම්ව පිහිටි ඓතිහාසික සපුමල්ගස්කඩ රජමහා විහාරය පිහිටි පුදබිමේ සිදුකරන ලද කැනීම් වලදී ක්‍රි.ව. පළමු සහ තුන්වන සියවස්වලට අතර කාලයට අයත් බුදු පිළිම හමුවූ බවට විහාරාධිපති ගල්ගමුවේ ශන්තබෝධි හිමියෝ පවසති.
යුද සමයේදී මෙම විහාර භූමියට දැඩි ලෙසින් හානි සිදු වී කැලෑවැදී තිබුණු අතරම විහාරස්ථානයේ පැරණි නටඹුන් හා පිළිම නිධන් සොරුන් විසින් අවස්ථා කිහිපයකදී විනාශ කොට ඇත.
සපුමල්ගස්කඩ පුරාණ රජමහා විහාරයේ පූජා භූමිය අක්කර 100 ක පමණ භූමි භාගයක විසිරී පවතින අතරම අක්කර දෙකක පමණ දිය අගලකින් වටවූ පබ්බත විහාර ලක්ෂණයන්ට අනුව පිළිම වහන්සේලා සහ නටඹුන් මේ වන විට මතුවෙමින් පවතින බවට වව්නියාව පුරාවිද්‍යා කාර්යල නිලධාරීන් පවසති.
මෙතෙක් පුරා විද්‍යා නිලධාරීන් විසින් සිදුකරන ලද කැනීම් වලදී වව්නියාව පුරාවිද්‍යා ප්‍රාදේශීය කාර්යාලයේ පර්යේෂණ භාර නිලධාරී සමන්කුමාර දෙල්දෙනයි මහතා පවසි සිටියේ මේ වන විට මෙම ස්ථානයේ ස්ථූප 4 ක් හමුවෙලා තියෙනවා .
පළමුව සිරව නොමැති බුද්ධ ප්‍රතිමාවක්, බොසත් ප්‍රතිමාවක් හමුවුනා පසුව අපි විසින් සිදු කරන ලද කැනීම් වලදී බුද්ධ ප්‍රතිමාවේ සිරස හමුවුනා ඊට අමතරව තවත් බෝසත් ප්‍රතිමාවක් සහ තාරා දෙවඟනගේ පිළිමයක්ද හමුවුනා මෙමගින් අනුරාධ පුර යුගයේ මුල් යුගයේ බවටත් නිගමනයක ආ හැකියි ඊට අමතරව කැටයම් රහිත සඳකඩ පහන් දෙකක්, මුලගල් දෙකක් , සිරිපතුලක් හමුවෙලා තියනවා මෙම නටඹුන් වලට නිධන් සොරුන් විසින් අවස්ථා කිහිපයකදී හානි කරල තියෙන්නේ අපි ඉදිරියටත් මෙහි කැනීම් කටයුතු සිදු කරනවා. යනුවෙනි.
එමෙන්ම සපුමල්ගස්කඩ පුරාණ රජමහා විහාරයේ විහාරාධිපති ගල්ගමුවේ ශන්තබෝධි හිමියන් කියා සිටියේ,
‘මෙම පූජා භූමිය එදා දළදා වහන්සේ වැඩම කර ස්ථානයක් බවට ජනප්‍රවාද බොහෝ තියනවා ඒ වගේම මෙම පූජා භූමියේ දිය අගලකින් වටවී තිබීම තවත් ආසන්නයෙන් බිසෝ කොටුවක් වගේම අසලින් වැවක් ගම්මානයක් තිබීම මගින් වැවයි පන්සලයි ගමයි දාගැබයි යන සංකල්පය පෙන්නුම් කිරීම මගින් දළදා වහන්සේ වැඩම සිටි පූජ්‍ය ස්ථානයක් බවට මෙම ස්ථානය හැඳින්වීමට හැකි බැවින් මෙම පූජා භූමිය වහාම සංරක්ෂණය කොට බැතිමතුන්ට වන්දනාමාන සිදුකිරීමට අවස්ථාව උදාකර දිය යුතුයි. යනුවෙන්ද පැවසූහ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
යුද්ධයට මැදිව සැඟවුණු පැරණි පුදබිමක් වව්නියාවෙන් හමුවෙයි
ගෝපිනාත් කුරුප්පු Friday, 30 October 2020 05:39 AM
ඉතින් දෙයියනේ.., මේවා දෙමළ බල ප්‍රදේශ කියලා ව්‍යවස්ථාවෙන්ම ඔවුන්ට ලියලා දීලා තියෙනවා නේද?
vikum Friday, 30 October 2020 08:38 AM
එක දෙයක් පැහැදිලියි. අද දෙමළ මිනිස්සු ඔයවගේ පදිංචිවෙලා හිටියට යට ගිය දවස ඕවා ඔක්කෝම බෞද්ධ උරුමයන් බව අමතක නොකරනු. එ්ක නිසා ඉතිහාසය හා පුරාවිද්‍යා සාක්ෂි මගින් දින දින පෙන්නුම් කරන්නේ මේක සිංහල බෞද්ධ උරුමයක්ම බවයි. අද සිංහලයන් දෙකේ කොලේට වැටුණාට...
wije Friday, 30 October 2020 08:39 AM
ඕක හෙට වෙනකොට කවුරු හරි ලොක්කෙක් ඩෝසර් කරලා දාන එකක් නැහැ නේද?
peradiga urumaya Saturday, 31 October 2020 07:45 AM
වව්නියාවෙද? එහෙමනම් කමක් නැහැ. නමුත් නැගෙනහිර ගල්කණු හිටවන්න නම් හිතන්න එපා. කිසිම ආණ්ඩුවකින් ඉඩ ලැඛෙන එකක් නැහැ.