IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


’’යූත් ක්ලබ්’’ වල කාන්තා නියෝජනය වැඩි කරයි

 

(අංජුල මහික වීරරත්න)

දිවයින පුරා "යූත් ක්ලබ්" වල කාන්තා නියෝජනය වැඩි කරන බව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා පැවසීය.

එමෙන්ම සියලු යූත් ක්ලබ් සඳහා සියලුම ජාතිකත්වයන්ගේ නියෝජනයන් වැඩි කිරීමට කටයුතු කරන බවද  නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

නියෝජ්‍ය අමාත්‍යවරයා  මේ බව බව කීවේ Youth Club කොලොන්නාව ප්‍රාදේශීය මණ්ඩලය පිහිටුවීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.

ඉතා කෙටි කාලයකදී  දිවයිනේ සියලුම දිස්ත්‍රික්කවල Youth Club පිහිටුවීමේ අභියෝගයක්  නමුත් අද වන විට එය සාර්ථකව සිදු කරමින් සිටින බව නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. 

1994න් පසු Youth Club ජාතික සම්මේලනය ජාතික වැඩසටහනක් ලෙස පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා කීවේය.

 Youth Club නිලධාරී මණ්ඩලයට පළාත් පාලන ආයතන සමඟ ඍජුව ගනුදෙනු කළ හැකි ක්‍රමවේදයක් සකස් කරන බවත් ඉන්පසු ක්‍රමානුකූලව එය පුළුල් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමඟ ගනුදෙනු කළ හැකි යාන්ත්‍රණයක් සකස් කරන්නේ යැයි  නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. 



අදහස් (0)

’’යූත් ක්ලබ්’’ වල කාන්තා නියෝජනය වැඩි කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 439 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2202 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1660 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site