IMG-LOGO

2024 මැයි මස 12 වන ඉරිදා


යතුරුපැදිය කුඹුක්ගසේ හැපී තරුණයා මරුට

(නිමල් ජයරත්න)

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර මාර්ගයේ මුතුවැල්ල ප්‍රදේශයේදි, යතුරු පැදියක් කුඹුක් ගසක ගැටී සිදුවූ අනතුරකින් එහි ගමන් ගත් තරුණයකු මියගොස් ඇති බව වැලිකන්ද පොලිසිය කියයි.

මෙලෙස මියගොස් ඇත්තේ  නිපුන් නිර්මාල් පුෂ්පකුමාර යන අවුරුදු විසිවන වියති තරුණයකු බව ඒ සම්බන්ධ පරීක්ෂණ පවත්වන වැලිකන්ද පොලිස් ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන්ත රත්නායක මහතා අප කළ විමසීමකදී සඳහන් කළේය.

ඔහු වැලිකන්ද නගරයට ගොස් ආපසු නිවස බලා ගමන් කරමින් සිටියදී වම් පසින් ආ මී ගවයකු බේරා ගැනීමට යෑමේදී, යතුරුපැදිය දකුණු දෙසට හරවා ගැනීමට උත්සාහ දැරීමේදී වේගය පාලනය කිරීමට නොහැකි වූ යතුරු පැදිය කුඹුක් ගසක ගැටී මෙම මාරාන්තික අනතුර සිදුව ඇති බවද පරීක්‍ෂණ පවත්වන පොලිසිය පවසයි.

මෙම යතුරුපැදිය දකුණු දෙසට ගමන් කරන විට පිටුපසින් පැමිණි, වැලිකන්ද සිංහපුර පදිංචි අවුරුදු 19 ක් වයසති තවත් යතුරු පැදි කරුවකු එම යතුරුපැදියේ ගැටී තුවාල ලබා වැලිකන්ද රෝහලට ඇතුළත් කර ඇති බවද පොලිසිය කියයි.

 



අදහස් (2)

යතුරුපැදිය කුඹුක්ගසේ හැපී තරුණයා මරුට

චමින්ද Sunday, 28 April 2024 08:01 AM

මාර්ග වල මීහරක් දක්කන මීහරක් නැහැ. හරිම කරදරයක් තියෙන්නෙ. මේවා ගැන බලන්න කෙනෙක් නැහැ .හැමදාම කියනවා වගේ ලංකාවට යතුරු පැදි කියන්නෙ බෝම්බ වලට හා ත්‍රස්තවාදී ක්‍රියාවන්ට වඩා දරුණු වාහනයක් කියන්න පුළුවන් .රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව හෝ යතුරු පැදි මරණ සම්බන්ධ වාර්තා ප්‍රසිද්ද කරනවා නම් රටට සෙතක් වේවි

:       0       1

sam Sunday, 28 April 2024 08:28 AM

මියගිය අයට නිවන් සුව...!. තුවාල ලැබූ අයට ඉක්මන් සුව! දෙන්නා රේස් ගියා කියලා හිතෙන්නේ මොකද මන්දා?

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

අයිතිකරුවකු නැති යතුරු පැදියක් ඉත්තපානෙන් හමුවේ
2024 මැයි මස 12 108 0

ඉත්තපාන මීගම ගඟේ පාලම අසල අයිතිකරුවකු නැති යතුරු පැදියක් දමා ගොස් තිබියදී ඉත්තපාන පොලිසිය සොයාගෙන ඇත.


කැරට් කෑල්ලේන් ආ මරුවා සිඟිත්තා ඩැහැගනී
2024 මැයි මස 12 204 1

කැරට් අල කැබැල්ලක් උගුරේ සිරවීමෙන් මාස 19ක බිළිදකු මියගොස් ඇතැයි අනුරාධපුර ශික්ෂණ රෝහලේදී සිදු කළ හදිසි මරණ පරීක්ෂණයේදී අනාවරණ වූ බව සාලියවැව පොලීසි


පුරාවස්තු සමග අයෙක් සැකපිට
2024 මැයි මස 12 290 1

කල්පිටිය, ආලන්කුඩා ප්‍රදේශයේ නිවසක නීති විරෝධී ලෙස සන්තකයේ තබාගෙන සිටි රත්‍රං බවට සැකකෙරෙන පුරාවස්තු තොගයක් සමඟ සැකකරුවකු අත්අඩංගුවට ගත් බව නාවික හ


රජයේ සම්පත් විකිණීම ගැන මහින්දගෙන් නිවේදනයක්
2024 මැයි මස 12 805 6

වර්තමාන ආණ්ඩුව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ධූර කාලයේ ඉතිරි කොටස තුළ රට පාලනය කිරීම සඳහා පිහිටුවා ගත් අන්තර්කාලීන වැඩපිළිවෙළක් බවත් එවන් අවස


මාළු කඩයක් අරින්න ගිහින් කටුගස්තොට යුද පිටියක් වේ
2024 මැයි මස 12 1185 0

සන්නද්ධ මැරවරයන් පිරිසක් මාළු කපන පිහි රැගෙන කටුගස්තොට නගරයේ විවෘත කිරීමට සූදානම්ව තිබූ මත්ස්‍ය අලෙවි මධ්‍යස්ථානයකට මහදවල් කඩා වැදී එහි දේපළවලට සහ


සාපෙළ විද්‍යා ප්‍රශ්න පත්‍රයේත් දැවැන්ත ගැටලුවක්
2024 මැයි මස 12 1217 0

අපොස සාමාන්‍ය පෙළ විභාගයේ විද්‍යා ප්‍රශ්න පත්‍රය ප්‍රතිපාදන සැලැස්මට පරිබාහිරව සකස් කර ඇති බවට මේ වන විට චෝදනා එල්ල වී ඇති බවත් විභාගය අවසන් වීමෙන් පස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 625 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2125 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1851 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site