
(සුමිත් පොතුපිටිය)
යතුරුපැදිවල අංක තහඩු හොරට සකස් කිරීමේ මධ්‍යස්ථානයක් අද වැටලූ බව පානදුර දකුණ පොලිසිය පවසයි .
අකුරැස්ස, වලිදූව ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි සැකකරු පානදුර මාලමුල්ල ප්‍රදේශයේ දෙමහල් නිවසක පහත මාලයේ යතුරුපැදි ස්ටිකර් සකස් කරන අතරතුර ජාවාරම කරගෙන බවට බස්නාහිර පළාත් බුද්ධි නිළධාරීන්ට ලද තොරතුරක් මත වැටලීම කර තිබේ.
උපාය දූතයකු යොදා පොලිස් යතුරුපැදියක අංක තහඩුවක් නිපදවාගෙන වැටලීම සිදුකර ඇති බවද සදහන් වේ.
අංක තහඩු වලට අලවන DMC ලාංඡන සහිත ස්ටිකර් දහසකට ආසන්න ප්‍රමාණයක් , රාජ්‍ය ලාංඡන සහිත ස්ටිකර් සීයකට ආසන්න ප්‍රමාණයක්, නිමකල අංශ තහඩු 10 ක් , ඒ සදහා යොදාගත් පරිඝණක යන්ත්‍රයක් සහ මුද්‍රණ යන්ත්‍රයක් ද භාරයට ගෙන සැකකරු අත්අඩංගුවට ගත්බව පොලිසිය කීය.
එක් යතුරුපැදියක දෙපස අංක තහඩු සකස් කිරිමට රුපියල් තුන්දහසක මුදලක් අයකර ඇති බව සැකකරුගේ ප්‍රකාශවලින් හෙලිව ඇතැයිද පොලිසිය සදහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
433
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
239
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1030
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
යතුරු පැදි අංක තහඩු හොරෙන් හදලා
චින්තක Sunday, 06 August 2023 05:49 AM
ඉස්සර කාලයේ ඕවා කලේ ඔහොම තමයි ඉතින් ඒ කාලයේ කෙනෙකුගේ අංක තහඩුවක් නැතිවුණාම හදාගන්න අපහසු නැහැ... ඒත් ලියාපදිංචි නොකළ ඒවාටත්, සොරකම් කළ ඒවාටත් මෙයින් අංක තහඩුව හදන්න පුළුවන් නිසා මෙහෙම දක්ෂතා ඇති අයට රැකියාවක් ලෙසට කිරීමට බලපත්‍රය දුන්නොත් නරකද?