IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


යතුරු පැදියේ ගැටුණැයි පී.සී පා පැදිකරුට පහරදීලා

( හිරාන් ප්‍රියංකර ජයසිංහ)

නවගත්තේගම වෙලේවැව ප්‍රදේශයෙදී පොලිස් කොස්තාපල්වරයෙකුගේ අමානුෂීක පහර කෑමට ලක්වු සිව්දරු  පියෙකු පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇති බව පුත්තලම මූලස්ථාන පොලිසිය කියයි.

මෙලෙස අමානුෂීක ලෙස පහර කෑමට ලක්ව ඇත්තේ ඩබ්ලියු.එම්.කේ.චන්ද්‍රසේන නැමති 36 හැවිරිදි සිව්දරු පියෙකි.

මෙම පහර දීම ඊයේ  නවගත්තේගම වෙලෙවැව නගරයෙ කොත්තු හෝටලයක් අසල  අතුරු මාර්ගයකදී සිදුවි ඇති බව කියයි.

එම  හෝටලයට කොත්තුවක් මිලදි ගැනිමට යතුරු පැදියකින් පැමිණ සිටි නවගත්තේගම පොලිස්ථානයේ පොලිස් රියදුරේකුගේ යතුරු පැදියෙ එම හෝටලයටම කොත්තුවක් මිලදි ගැනිමට පැමිණ සිටි පුද්ගලයකුගේ පාපැදිය ගැටී සිදුවූ බහින්බස්වීම දුරදිගොස් පහරදීම සිදුව ඇතැයි කියයි.



අදහස් (3)

යතුරු පැදියේ ගැටුණැයි පී.සී පා පැදිකරුට පහරදීලා

Bunny Preena Thursday, 08 May 2025 04:02 PM

දෙපාර්ශවයම ඉවසන්නම බැරි ලොකු බඩගින්නකින් ඉඳලා වගෙයි

:       2       11

ජිල්බුThursday, 08 May 2025 06:46 PM

පොලිස් කොත්තුව සැර වැඩියි. කාලා ඉතුරුවෙන කොත්තු කෑලි ඔක්කොම දාලානේ හදන්නේ...

:       0       6

බත් කඩේ මල්ලී Friday, 09 May 2025 01:42 PM

බඩගින්නේ ඉන්න සතෙකුටවත් මේ වගේ ගහන්න එපා. පව් අසරණයා ...කොත්තු කනවා කියන්නේ වහ කනවා වගේ වැඩක්. ඕවා කෑවාම මුළු ඇඟම දනවා, වතුර බීලා එපාවෙනවා. පහුවෙනිදාට ඇඟට පනත් නෑ. මොනවා දාලා හදනවාද මන්දා ඔය කොත්තු.. පොලිසිය ගහන්න ඇත්තේ ඒ නිසාද කව්ද දන්නේ? නොදන්නාකමට කන්න එන්න ඇති...

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 283 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 189 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site