IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


යතුරු පැදියෙන් ඇවිත් දරුවාගේ පංචායුධය කපා ගෙන යයි

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

අපල උපද්‍රව මඟහැරීමට එකොළොස් හැවිරිදි දරුවකුට පලඳා තිබූ රන් පංචායුධයක් යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු  පිහියකින් කපා ගෙන පලාගොස් ඇතැයි වේයන්ගොඩ පොලිසිය පවසයි.

මෙම දරුවාගේ මව විසින් මේ බව පොලිසියට පැමිණිලි කරනු ලැබුවාය.

පෞද්ගලික උපකාරක පන්තියකට සහභාගි කරවීමට මව මෙම දරුවා රැගෙන පා ගමනින් ගමන් කරමින් සිටි අතරවාරයේ යටගම ප්‍රාථමික විද්‍යාලය ඉදිරිපිටදී යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු  මව සහ පුතා අසල නතර කර ඇතැයි පොලිසිය කියයි.

යතුරුපැදියේ පිටුපස අසුනේ වාඩි වී ආ පුද්ගලයා එයින් බැස ඇවිත් ඔහු අත තිබූ පිහිය කින් රන් පංචා යුධය ගැටගසා තිබූ නූල කපා පංචායුධය පැහැරගෙන යතුරුපැදියේ නැගී පලාගොස් ඇතැයි පොලීසිය සඳහන් කරයි.

මෙම පැහැර ගැනීම සිදු කළ අය ගැන තවම තොරතුරු පොලිසියට ලැබී නොමැත.

 



අදහස් (5)

යතුරු පැදියෙන් ඇවිත් දරුවාගේ පංචායුධය කපා ගෙන යයි

බද්රානි Friday, 03 March 2023 09:34 PM

දරුවන්ගේ කරේ රත්තරන් බැඳලා ලෝකෙට ලොකු කම් පෙන්වන්න හදනවට හොඳ වැඩේ!! මොනා උනත් හොරාගේ අපලේ ටික කාලෙකට දුරු උනා පංචායුධය නිසා..

:       0       0

පිටිගල මිලානෝ Friday, 03 March 2023 10:26 PM

දැන් අපලේ දුරුවුනානේ…. අයියෝ සල්ලී….

:       0       0

sam Saturday, 04 March 2023 04:42 AM

පංචායුධ වලින් අපල දුරු වුනේ ඉස්සර. දැන් අපල ඇතිවෙනවා...

:       0       0

janaka Saturday, 04 March 2023 07:54 AM

ඇපෑලය දුර්වල නෑ. නමුත් හොරාට හෙණ ගහන්න ඕනෑ.

:       0       0

Gagana Saturday, 04 March 2023 10:15 AM

මේ පාහර වැඩේ කළ අයට මරණය ඉතා ඉක්මනින් අත්වේවා...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 380 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 225 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site