IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


යතුරු පැදියක් හා ලොරි රථයක් ගැටී කතක් මරුට

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

පුත්තලම කොට්ටුකච්චිය ගල්කුලම ප්‍රදේශයේදී අද (22) සවස ලොරි රථයක් හා යතුරු පැදියක් ගැටි සිදුවු මාරක අනතුරකින් තිදරු මවක් මරණයට පත්ව බරපතල තුවාල ලැබු තවත් තිදෙනෙකු පුත්තලම මූලික රෝහලට ඇතුලත් කල බව පුත්තලම මූලස්ථාන පොලිසිය කියයි.

අනතුරීන් මරණයට පත්ව ඇත්තේ ආණමඩුව වෙම්බුවැව පදිංචි 43 හැවිරිදි තිදරු මවක් වන ආර්.එම්.කුසුමලතා මල්කාන්ති නැමති කාන්තාවක් බව කියයි.

මෙම කාන්තාව පුත්තලම මූලික රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටි ඇගේ පියාගෙ සුවදුක් බැලිමට දරුවන් තිදෙනා සමග යතුරු පැදියෙන් ගොස් ආපසු ආණමඩුව වෙම්බුවැව ගම්මානය වෙත ගමන් කරමින් සිටියදී ආණමඩුව දෙසින් පැමිණි පුද්ගලික වෙළද සමාගමක බෙදාහැරිම් කටයුතු වල නිරත ලොරි රථයක ගැටි මාර්ගයෙන් විසිවි ගොස් අනතුර සිදුව තිබු බව පොලිසිය කියයි.

අනතුරීන් තිදරු මව එම ස්ථානයෙදීම මරණයට පත්ව තිබු බවත් මවත් සමග යතුරු පැදියෙ ගමන් ගනිමින් සිටි දරුවන් බරපතල තුවල ලබා කඩිනමින් පුත්තලම මූලික රෝහල වෙත ප්‍රතිකාර සදහා රැගෙන ගොස් තිබු අතර අනතුරීන් ලොරි රථයද පෙරළියාම හේතුවෙන් එහි රියදුරාද බරපතල තුවාල ලබා පුත්තලම රෝහලට ඇතුලත් කර තිබු බව කියයි.

කෙසේ නමුත් මරණයට පත් කාන්තාව සමග රෝහලට පැමිණි තවත් දියණියක් යතුරු පැදියෙ ඉඩ ප්‍රමාණවත් නොවිම නිසා බස් රථයෙන් ආණමඩුව බලා ගොස් තිබු බව කියයි.

 



අදහස් (1)

යතුරු පැදියක් හා ලොරි රථයක් ගැටී කතක් මරුට

Nimal Saturday, 23 March 2024 08:13 AM

අනතුරේ කෙසේ සිදුවූයේ දැයි පැහැදිලි නැත. කෙසේවුවත් කුඩා යතුරු පැදියක ප්‍රමාණයට වඩා මගීන් ගෙන යාම අනතුරුදායකයි.

:       0       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 358 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 214 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site