IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


යතුරුපැදි කොටස් කර විකිණිමේ ජාවාරමක්

(හිරාන් ප්‍රියංකර ජයසිංහ )

යතුරු පැදි සොරකම් කර ඒවා කොටස් කර අලෙවි කිරීමේ ජාවාරමක් මෙහෙයවු ස්ථානයක් වටලා කැබලි කර තිබු යතුරු පැදියක් සමග සැකකරුවෙකු පුත්තලම මූලස්ථාන පොලිසිය අඩංගුවට ගෙන තිබුණි.

අදාල ස්ථානය ගෘහ භාණ්ඩ සැකසිමේ ස්ථානයක් ලෙසද පවත්වාගෙන යමින් එහි එක් කොටසක මෙලෙස සොරා ගන්නා ලද යතුරු පැදි ගලවා කොටස් කිරීම සිදුව ඇති බව පොලිස් පරික්ෂණ වලදි හෙළිව  ඇත.

පුත්තලම  මන්නාරම් මාර්ගයෙ 4 කනුව ප්‍රදේශයෙ තරුණයකුගේ ලක්ෂ හතරක් පමන වටිනා පල්සර් වර්ගයෙ යතුරු පැදියක් පනුගිය 11 දින රාත්‍රියෙ සොරා ගෙන තිබු බවත් ඒ සම්බන්ධව සිසිටිවි දර්ශන මගීන් සොරා ගත් සැකකරු හදුනා ගෙන ඔහු අල්ලා ගැනිමේන් පසු අදාල සැකකරු යතුරු පැදිය ලබා දුන් ස්ථානය තරුණයාගේ පිරිසක් එක්වි වටලා එහි තිබු යතුරු පැදිය හදුනා ගෙන තිබු බව කියයි.

අදාල ස්ථානයට පුත්තලම පොලිසියෙ නිළධාරීන් සමග ඇතුළු වි එය පරික්ෂා කිරීමේදි එහි 4 කණුව තරුණයාගේ යතුරු පැදිය ඒ වන විටත් කොටස් කර තිබු බව කියයි.

ඒ සමගම තවත් යතුරු පැදි 10 කට ආසන්න සංඛ්‍යාවක් ගලවා කොටස් කර තිබු බවත් එම ඇතැම් යතුරු පැදි වල අංක නම්බර් තහඩු පවා එම ස්ථාන වල තිබු බවත් එම යතුරු පැදි සොරා ගත් ඒවාද නැතිනම් කුමන හේතුන් මත මෙම ස්ථානයෙ කොටස් කර තිබේද යන්න පොලිස් පරික්ෂණ ආරම්භ වී ඇති බව පොලිස් නිළධාරීන් පවසයි.

 

 



අදහස් (0)

යතුරුපැදි කොටස් කර විකිණිමේ ජාවාරමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 92 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 893 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 620 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site