(එම් .සුසිල් ප්‍රියන්ත)
ගාලු පාරේ බලපිටිය වැල්ලවත්ත ප්‍රදේශයේදි අද (2 ) යතුරු පැදියක් පාරෙන් ඉවතට පැන තාප්පයක ගැටී සිදු වූ අනතුරින් 16 හැවිරිදි පාසල් ශිෂ්‍යකු මියගොස් ඇතැයි අම්බලන්ගොඩ පොලීසිය කියයි.
මෙසේ මිය ගොස් ඇත්තේ බලපිටිය මොහොට්ටිවත්ත ප්‍රදේශයේ පදිංචි සෙල්ලා හන්දි පසිදු ලක්ෂිත ස්ටැන්ලි නමැති පාසල් ශිෂයෙකි.
යතුරු පැදිය පදවා ඇත්තේද මේ ශිෂ්‍යා බවත් ඔහු පමණක් යතුරු පැදියෙන් එමින් සිටියදි මේ අනතුර සිදුව ඇති බවත් පොලීසිය කියයි.
අනතුරින් මිය ගිය ශිෂ්‍යා පදවාගෙන ගොස් ඇත්තේ ඔහුගේ මිතුරකුගේ යතුරු පැදියක් බවත් රිය පැදවීමට බලපත්‍රයක් නැති මේ පාසල් ශිෂ්‍යාට යතුරු පැදිය දුන් අයට ඒ සම්බන්ධයෙන් නඩු පවරන බව අම්බලන්ගොඩ පොලීසියේ රථ වාහන අංශයේ නිලධාරියෙකු කීවේය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.