IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


යාඩෙන් වෙතින් එන්නත් 10ක් හදලා

(ටී.කේ.ජී.කපිල)

කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළ පිහිටි " යාඩෙන් " ඖෂධ නිෂ්පාදන කර්මාන්ත ශාලාව ශ්‍රී ලංකාවට අත්‍යාවශ්‍ය එන්නත් වර්ග දහයක් නිපදවන බව එම සමාගමේ සභාපති සහ කළමනාකරණ අධ්‍යක්ෂ ශෂීමාල් දිසානායක මහතා පවසයි.

මෙම කර්මාන්තශාලාව තුළ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සංවිධානය කළ මාධ්‍යවේදීන් සදහා පැවති නිරීක්ෂණ චාරිකාවක අතරතුර අවස්ථාවකදීය .

2022 වසරේ ඔක්තෝබර් මස 10 දින කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළ අක්කර එකහමාරක වපසරියකින් යුතු ප්‍රදේශයක ස්ථාපිත කර ඇති අතර මේ වනවිට ශ්‍රී ලංකාවට අත්‍යාවශ්‍ය නිර්වින්දන වේදනානාශක සහ ශල්‍යකර්ම සදහා යොදා ගන්නා එන්නත් වර්ග 10 ක් නිපදවන බව අනාවරණය කළේය .

මෙම නිෂ්පාදන සදහා ජාතික ඖෂධ අධිකාරියේ පූර්ණ අනුමැතිය ලැබී ඇති අතර මෙසේ නිෂ්පාදිත එන්නත් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව වෙත සපයමින් සිටින බව ද පැවසීය .

එසේම එළඹෙන 2024 වසරේ සිට අප්‍රිකානු සහ දකුණු ඇමෙරිකානු රටවල් රාශියකට මෙසේ නිෂ්පාදිත එන්නත් අපනයනය කිරීමට අපේක්ෂා කරන බව ද දිසානායක මහතා පැවසීය

එමෙන්ම පසුගිය සතියේ ඇමෙරිකානු ආහාර සහ සත්ව පාලන අධිකාරියේ නිලධාරීන් පිරිසක් මෙම කර්මාන්තශාලාව නිරීක්ෂණය කිරීමේ චාරිකාවක නිරත වූ බවත් , එය මෙම කර්මාන්තශාලාව ලැබූ විශාල ජයග්‍රහණයක් බවත් පැවසීය .

 



අදහස් (8)

යාඩෙන් වෙතින් එන්නත් 10ක් හදලා

ජනිත් Thursday, 14 September 2023 06:39 AM

ප්‍රමිතියක් ඇතුව රට ඇතුළෙම ඖෂධ නිපදවන්න පුළුවන් නම් කොච්චර හොඳද? අගය කළ යුතුයි.

:       2       26

පියනන්ද Thursday, 14 September 2023 06:44 AM

ඔයාටත් සියදිවි නසා ගන්න හිතෙයි. පරිස්සමින්. බුදු සරණයි...!

:       4       14

hemantha Thursday, 14 September 2023 09:08 AM

මෙය තමයි විය යුත්තේ... නියමයි.

:       1       20

Bunny Preena Thursday, 14 September 2023 10:00 AM

ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයට මෙම එන්නත සද්ගුණවත් නිලධාරීන්ට කොමිස් මුදලක් නොදී සපයන්න පුළුවන් නම් එය යාඩෙන් සමගම ලබන අතිවිශිෂ්ඨ ජයග්‍රහණයක්...

:       1       19

kavidhu Thursday, 14 September 2023 10:52 AM

මේ එන්නත් ඉන්දියාවට යවල එහෙන් අයිමත් ලංකාවට ගෙන්නන. නැත්නම් කීයක්වත් හොයාගන්න බැරිවෙනව.

:       0       3

kalabushana Thursday, 14 September 2023 12:51 PM

මෙරට ඉතිහාසයේ විශාලතම අල්ලස් නඩුවට (කන්තලේ සීනි කම්හලේ අල්ලස් නඩුවට) සිරගත වූ පියසේන දිසානායකගේ පුත්‍රයා තම පියාගේ ගමන් මගට නොනැමෙනු ඇතැයි ප්‍රාර්ථනා කරමි.

:       1       2

Indika Thursday, 14 September 2023 02:22 PM

සේනක බිබිලෙ මහත්තයට වෙච්ච දේ නම් වෙන්න දෙන්න එපා

:       0       2

Mh Mohan Thursday, 14 September 2023 06:31 PM

විශිෂ්ඨයි...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 301 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 198 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 996 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site