
(පුෂ්පකුමාර මල්ලවආරච්චි )
මීරිගම ප්‍රාදේශීය සභාව මගින් මදුරුපිටිය ප්‍රදේශයේ ස්ථාපිත කිරීමට යෝජිත කසල අංගනයට විරෝධය පළ කරමින් ප්‍රදේශයේ ජනතාව මහා සංඝරත්නය හා එක්ව අද( 4) විරෝධතා පා ගමනක යෙදීී මීරිගම ප්‍රාදේශීය සභාව ඉදිරිපිට දී ද විරෝධතාවයේ යෙදුනහ.
ඉදිකිරීමට යෝජිත කසළ අංගනය කොස්කැලේ රක්ෂිතයේ ජල පෝෂක ප්‍රදේශයට යාබදව පිහිටා ඇති බැවින් මෙහි කසල අංගනයක් ඉදිකිරීමෙන් ප්‍රදේශයේ විශාල පාරිසරික හානියක් සිදුවන බවට ජනතාව කරුණු දැක්වූහ.
එම ප්‍රදේශයෙන් ගලා යන ජලය ප්‍රදේශයේ කුඹුරු හා ජනතාව පදිංචි ඉඩම් කරා ඇදී යන බවත් කසල සමඟ එසේ ජලය ගලා යාමෙන් ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වයට හානිදායක විය හැකි බවත් ඔවුහු පැවසූහ.
මේ සම්බන්ධයෙන් මිහිරිගම ප්‍රාදේශීය සභාවේ ලේකම් පී.ජී.එස්.පී. ජසින්තා මහත්මිය ගෙන් කළ විමසීමකදී සඳහන් කළේ කසල අංගණයක් ඉදිකිරීමට සඳහා ඉඩමක් තෝරා ගැනීම පිළිබඳව ටෙන්ඩර් කිරිමෙන් පසු මෙම මදුරුපිටියේ ඉඩම ඒ සඳහා ඉදිරිපත් කර ඇති බව ය . ඒ අනුව එහි සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව වාර්තා ලබා ගැනීමට පියවර ගෙන ඇතත් ඉන් ඉදිරියට කිසිදු පියවරක් ගෙන නැතැයි ද මහා සංඝරත්නය ගෙන් ඉදිරිපත්වූ විරෝධතාවයන් සම්බන්ධයෙන් සලකා බලමින් සිටින බව ද ඇය කීවාය
.


2025 දෙසැම්බර් මස 18
245
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
178
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
986
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
යෝජිත කසල අංගනයකට මීරීගම විරෝධයක්