
අධිකාරි මුදියන්සේ
කොළඹ - කුරුණෑගල මාර්ගයේ අලව්ව යාංගල් මෝදර දුම්රිය මාර්ගය හරහා අනාරක්ෂිත ලෙස ඊයේ (13) පෙරවරු 7.00ට පමණ බසයක් ධාවනය කරද්දී දුම්රිය නොගැටී අනුනවයෙන් බේරී ඇතැයි පොල්ගහවෙල රථවාහන පොලිසිය කියයි.
එම බස් රථ රියැදුරා සහ බසය පොලිස් බාරයට ගෙන ඇත.
දුම්රිය හරස් මාර්ගය හරහා නොසැලකිලිමත් ලෙස බස් රිය ධාවනය කර මනුෂ්‍ය ඝාතනයට තැත් කිරීමේ චෝදනා මත බස්රථ රියදුරා අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
මෙම බස් රථය ගල්නැව සිට කොළඹ බලා මගින් ප්‍රවාහනය කරමින් සිට ඇති අතර ඒ වන විට බසයේ 40කට ආසන්න පිරිසක් ගමන් කර ඇත.
එම ස්ථානයේ සවි කර ඇති අනතුරු හැඟවීමේ සංඥා පහන් දල්වා තිබී ඇති අතර සීනුව ද නාද වෙමින් ආරක්ෂක ගේට්ටු ද වැසෙමින් තිබී එකවර බස්රථය දුම්රිය මාර්ගය හරහා ධාවනය කරවීමට උත්සහ කර ඇතැත් දුම්රිය එනු දැකීමෙන් බසය නතර කරගෙන ඇත.


2025 දෙසැම්බර් මස 18
531
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
270
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
යාංගල් මෝදර දී අනු නවයෙන් බේරුණු මහා අනතුර
Ranjith Lekamge Wednesday, 14 June 2023 02:22 PM
බස් රථයේ රියදුරුට උපරිම දඩුවම් දී ජීවිත කාලයටම රියදුරු බලපත්‍රය අහෝසි කළ යුතුයි.
prasanna Wednesday, 14 June 2023 07:18 PM
මතක හිටින දඬුවමක් දුන්නොත් නම් හොඳයි. ඒත් අපිට විශ්වාස නැහැ එහෙම කළාවිද කියලා... දැනටම බස්මුදලාලි පොලිසියේ ලොක්කන්ව අල්ලලා ඇති...
මල් මාමා Thursday, 15 June 2023 07:59 AM
ඔබගේ අදහසට සියයට සියයක් එකඟ වෙමි
de silva Wednesday, 14 June 2023 08:33 PM
රියදුරු බලපත්‍රය වසර 5 කට පමණ තහනම් කර වසරක් පමණ සිර දඬුවමක් දුන්නා නම් අනිත් රියදුරන්ද පාඩමක් ඉගෙන ගනීවි
Bunny Preena Thursday, 15 June 2023 10:33 AM
වාහනයක රියදුරු අසුන පාලනය කිරීම බොහොම වගකීම් සහිතව කටයුතු කල යුතු භාරදූර කාර්යක් .නමුත් සමහර අයට එය නොතේරෙන එකනේ පුදුමේ