IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


යුක්රේන හමුදා බේරාගත් සිසුන්ගේ විස්තර එළියට

(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලාංකික සිසුන් 7 දෙනෙකු යුක්රේනයේ කාර් කිව් පළාතේදී බේරාගැනීම සම්බන්ධයෙන් රුසියා සහ යුක්රේන මාධ්‍ය අතර සීතල යුද්ධයක් ආරම්භ වී ඇත.

පිරිමි පුද්ගලයන් 6 දෙනකු සහ එක් කාන්තාවක මෙම සිසුන් හත්දෙනාට ඇතුලත් වන බව පැවසෙයි.

මෙම සිසුන් වයස 20ත් 40ත් අතර වයස් වල පසුවන අය බවත් රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමට සති තුනකට පෙර මොවුන් යුක්රේනයට පැමිණ ඇති බවත් යුක්රේන මාධ්‍යවේදිනියක වන මරියා රොමනෙන්කෝ සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පැවසුවාය.

සිසුන් පිරිස කුපියාන්ස්ක් හි නිවසක් කුලී පදනම මත ලබා ගෙන ඇති අතර රුසියානු හමුදා, ප්‍රදේශය අත්පත් කරගැනීමෙන් පසු ඔවුන් තම නිවසේ සැඟව සිට ඇති අතර පසුව වෙනත් පළාතකට යෑමට තැත් කිරීමේදී රුසියානු හමුදාවන් ඔවුන්ගේ දෑස් බැඳ හඳුනා නොගත් වෙනත් ස්ථානයකට රැගෙන ගොස් ඇතැයි ඇය පෙන්වා දුන්නාය.

එහිදී පඩි නොගෙවා රුසියානු හමුදා සිසුන්ගෙන් වැඩ ගෙන ඇතැයිද ඇය තැබූ ට්විටර් සටහනේ දැක්වේ.

මේ අතර යුක්රේන විශේෂ බළකා ක්‍රමවේදයන් භාවිත කරමින් කුපියාන්ස්ක් වෛද්‍ය විද්‍යාලයේ ශ්‍රී ලාංකික සිසුන් 7 දෙනකු රඳවා ගෙන කර් කිව් පළාතේ හඳුනා නොගත් ස්ථානයකට රැගෙන යාම එහි මිලිටරි-සිවිල් පාලනයට එරෙහිව ජාත්‍යන්තර ප්‍රජාව ප්‍රකෝප කිරීමේ උත්සාහයක්  දැයි සැකයක් තිබෙන බව මිලිටරි-සිවිල් පාලනයේ ප්‍රධානි විටාලි ගන්චෙව් ප්‍රකාශ කළ බව රුසියාවේ ටාස් පුවත් සේවය වාර් තා කළේය.

යුක්රේනය, යුද්ධය ජයග්‍රහණය කිරීම සඳහා තම ජනතාවගේ ජීවිත පරදුවට තබන බව විටාලි ගන්චෙව් මහතා පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකා සිසුන් 7 දෙනා රඳවා තබාගැනීම සම්බන්ධයෙන් යුක්රේන මාධ්‍ය රුසියානු හමුදාවන්ට චෝදනා එල්ල කරන අතර රුසියානු මාධ්‍ය යුක්රේන ආරක්ෂක අංශ වෙත චෝදනා එල්ල කරනු ලබයි.

විදේශ කටයුතු අමාත්‍යංශය යුක්රේන රජයෙන් මේ පිළිබඳ විමසීමක් කර ඇතත් තවමත් ප්‍රතිචාරයක් ලැබී නොමැති බව පැවැසෙයි.



අදහස් (6)

යුක්රේන හමුදා බේරාගත් සිසුන්ගේ විස්තර එළියට

SL Monday, 19 September 2022 04:21 PM

සයිටම් වහන්න කියපු කුහක යක්කු ටිකටත් මේ පවෙන් ටිකක් සම්මාද ම් වෙන්න කියන්න.

:       9       43

Mo77Tuesday, 20 September 2022 06:10 AM

කුහක GMOA කාරයෝ සයිටම් එකට විතරක් නෙමෙයි හෙද උපාධියට රිපූරක වෛද්‍ය උපාධියට අකුල් හෙලුවා. හරියට බැලුවොත් රජයේ වැඩ කරන කෙනෙකුට පෞද්ගලික වැඩ කිරීමේ අයිතියක් නෑ. ඒව ගැන කිසිම කතාවක් නෑ. හෙදියන්ට උපාධි ලබාදීම නැවතිලා තියෙන්නේ මේ දොස්තරලාගේ මාෆියාව නිසා. ඉස්පිරිතාලෙ පරිපාලනය සඳහා දොස්තරලා නෙමෙයි පත්කළ යුත්තේ ඒ සඳහා පරිපාලන උපාධිධාරීන් පත් කළ යුතුයි.

:       0       9

sugath Monday, 19 September 2022 06:05 PM

මේ ළමයින්ට තමන් උපන් රටේ තමන්ගේ අධ්‍යාපන කටයුතු කරගෙන යන්නට ඉඩ නොදුන් වෛද්‍ය සමිති මීට වගකිව යුතුයි. මේවාට අනුබල දුන් රටේ බංකොළොත් දේශපාලන පක්ෂ කිසිදිනක මේ රටේ බලයට පත් නොවෙන බව නම් සහතිකයි...

:       7       33

හේරත් Tuesday, 20 September 2022 08:10 AM

උසස් අධ්‍යාපනයෙන් සමත් වන සිසුන් ගෙන් 1% වත් විශ්වවිද්‍යාල වලට ඇතුළත් කරනොගන්නා පාලකයන් වගකීමෙන් නිදහස් කරමු

:       4       4

කිරිපුතා Monday, 19 September 2022 07:56 PM

එක්තරා මැටි හෝ කඩාකප්පල්කාරී තීරණයක් ගෙන රුසියානු ගුවන් යානයක් නිසා අපට හිටිය හොඳම මිතුරෙක් වන රුසියාව අමනාප කරගත්තා. මේ සිදු වීමත් යුක්රේනය විසික් මවාපාන දෙයක් විය යුතුයි . ලක් රජය ඉතා පරිස්සමෙන් කටයුතු කළ යුතුයි.

:       3       6

ලුම්බිණි Tuesday, 20 September 2022 06:42 AM

රුසියන් යුක්රේන් අරගලයේදී රුසියාවට සහයෝගය දක්වන අපේ කොමියුනිස්ට් පක්ෂය මොකද කියන්නේ?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 219 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site