IMG-LOGO

2025 අගෝස්තු මස 09 වන සෙනසුරාදා


යුක්රේන කැරලිකරුවන් හා හමුදා අතර වෙඩි හුවමාරු

රුසියානු හිතවාදී කැරලිකරුවන් පාලනය කරන  යුක්රේනයේ ඩොනෙට්ස්ක්හි පවතින යුද ගැටුම් හේතුවෙන් එහි වැසියන්ට රුසියාවට පලා යන්නැයි එහි පාලක  ඩෙනිස් පුෂිලින් ජනතාවගෙන් ඉල්ලා ඇත.

ඩොනෙට්ස්ක් යනු රුසියානු හිතවාදී කැරලිකරුවන් විසින් පාලනය කරනු ලබන යුක්රේනයේ දිස්ත්‍රික්කයකි.

”යුක්රේන හමුදාවන් නේටෝ සංවිධානයේ සහ ඇමෙරිකාවේ යුද ආධාර හේතුවෙන් ශක්තිමත් වී ඇති නිසා  මිලිටරි ආක්‍රමණයක්  අපේක්ෂා කරන බැවින්” සිවිල් වැසියන්ගෙන් ඉල්ලා සිටියේ යුක්රේන හමුදා සහ තම කැරලිකාර හමුදා අතර සිදුවන  වෙඩි හුවමාරුවකදී තම වැසියන් එයට මැදි විය හැකි නිසා ජීවිත ආරක්ෂාව සඳහා  රුසියාවට පැනයන ලෙස ස්වයං-ප්‍රකාශිත ඩොනෙට්ස්ක් මහජන සමූහාණ්ඩුවේ නායකයා එසේ ඉල්ලා ඇත.  

යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි ”නුදුරු අනාගතයේදී” ප්‍රහාරයක් සඳහා නියෝග කරනු ඇතියි යුක්රේන කැරලිකරුවෝ අපේක්ෂා කරති.

කැරලිකාර  මිලිටරි හමුදාවන් සටන් කිරීමට සූදානම්ව සිටින නමුත් කැරලිකරුවන්ගේ පාලන ප්‍රදේශවල සිටින අහිංසක  සිවිල් වැසියන් වෙඩි හුවමාරුවට හසුවීමේ අවදානමක් පවතින බැවින් ඩොනෙට්ස්ක් මහජන සමූහාණ්ඩුවේ ප්‍රධානියා තම සිවිල් වැසියන්ට රුසියාවට පැනයන මෙන්  අනතුරු ඇඟවීය.

“එබැවින් පෙබරවාරි 18 වන දින සිට රුසියානු සමූහාණ්ඩුව වෙත එහි ජනතාව විශාල වශයෙන් ඉවත් කිරීම සංවිධානය කර ඇත,” ඔහු පැවසුවේ කාන්තාවන්, ළමයින් සහ වැඩිහිටියන් වැනි අවදානමට ලක්විය හැකි කණ්ඩායම්වලට ප්‍රමුඛත්වය ලබා දෙන බවයි. පුෂිලින් පැවසුවේ අසල්වැසි රොස්තොව් කලාපයේ සිටින  රුසියානු නිලධාරීන් තම සිවිල් ජනතාව පැමිණේවියැයි  අපේක්ෂාවෙන්  සිටින අතර  එහිදී පැමිණෙන අය හට  අවශ්‍ය දේ ලබා දීමට සුදානමින් සිටියි.

දැනටමත් ෂෙල් වෙඩි ප්‍රහාර ආරම්භ වී ඇති අතර 17 වෙනි දින සිදුවූ ෂෙල් වෙඩි ප්‍රහාර කිහිපයේදී එක ෂෙල් වෙඩිල්ලක් යුක්රේනයේ   ස්ටැනිට්සියා ලුහන්ස්කා ප්‍රදේශයේ  පෙර පාසලකට වැදී ඇත.

(විමුක්ති එස් රුද්‍රිගු රොයිටර්ස් ඇසුරිනි)

 



අදහස් (0)

යුක්රේන කැරලිකරුවන් හා හමුදා අතර වෙඩි හුවමාරු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 421 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 310 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 483 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site