IMG-LOGO

යුක්රේනයේ රඳවාගෙන සිටි ලාංකිකයන් 7 දෙනකු බේරාගනිති

විමුක්ති ඒස්. රුද්‍රිගු

රුසියානු හමුදාවන්ගේ ග්‍රහණයෙන් යුක්රේනය මුදවා ගත් කර්කිව් පළාතේ, මාර්තු මස සිට රඳවාගෙන සිටි ශ්‍රී ලාංකිකයන් 7 දෙනෙකු බේරා ගත් බව  යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි වීඩියෝ තාක්ෂණය ඔස්සේ ජනතාව අමතමින් ප්‍රකාශ කළ බව යුක්රේන මාධ්‍ය වාර්තා කළේය.

බේරාගත් ශ්‍රී ලාංකිකයන් හත් දෙනා කුපියාන්ස්ක් වෛද්‍ය විද්‍යාලයේ සිසුන් බවත් ඉකුත් මාර්තු මස රුසියානු හමුදා ඔවුන් අල්ලාගෙන කර්කිව් පළාතේ ගොඩනැගිල්ලක බිම් මහලක රඳවා ගෙන සිට ඇති බවත් ජනාධිපති සෙලෙන්ස්කි එහිදී ප්‍රකාශ කර ඇත.බේරාගත් පසු ඔවුන්ට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබා දුන් බව ද ඔහු සඳහන් කළේය.



අදහස් (3)

යුක්රේනයේ රඳවාගෙන සිටි ලාංකිකයන් 7 දෙනකු බේරාගනිති

Perera Saturday, 17 September 2022 11:54 AM

ලංකාවේ ආණ්ඩුවේ කෙනෙක් හිටියේ නැද්ද? රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් රුසියාවට කතා කරලා මේ සිසුන් 7 දෙනාව මීට කළින් බේරගන්න.

:       1       26

GamunuSaturday, 17 September 2022 06:56 PM

යුක්රේනයේ කුපියාන්ස්ක් වෛද්‍ය විද්‍යාලයේ ගොස් සිටිනා ශ්‍රී ලාංකික සිසුන් හත්දෙනා ලංකාවේ පුද්ගලික විශ්ව විද්‍යාල පද්ධතියක් තිබ්බේ නම් ඔවුන් ශ්‍රී ලංකාවේ සිට අඩු වියදමින් වෛද්‍ය අධ්‍යාපනය ලබාගැනීමට හැකියාවක් ඇත. ලංකාවේ දේශපාලනය රට තුළට විදෙස් විශ්ව විද්‍යාල ගෙන ඒමට අවස්ථාවන් අවහිර කිරීම නිසා සිසුන්/දක්ෂයන් විදේශ ගතවීම වැඩිවී ඇත...

:       3       9

ganegoda Saturday, 17 September 2022 02:08 PM

ඔය කියන්නේ ලංකාවේ හෙරොයින් ජාවාරම් සහ දේශපාලන මිනීමැරුම් වලට සම්බන්ධ යුක්රේනයේ හැංගිලා ඉන්න අය නේද? ඔවුන්ට එතැනදීම වෙඩිතියලා දාන්නයි තිබුණේ... දැන් කවද්ද මේ 7 දෙනා ලංකාවට එන්නේ..?

:       24       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 473 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 638 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 261 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site