
‘ඕතඩොක්ස්’ නත්තල නිමිත්තෙන් දින දෙකක සම්පූර්ණ සටන් විරාමයකට යෑමට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් තීරණය කළේය.
පසුගිය 2022 පෙබරවාරි 24 වැනිදා, යුක්රේනයට එරෙහිව හමුදා ක්‍රියා මාර්ගයක් ආරම්භ කිරීමෙන් පසු රුසියාව පූර්ණ සටන් විරාමයක් ආරම්භ කළ පළමු අවස්ථාව මෙයයි.
සටන් විරාමයකට රුසියන් ජනාධිපති පුටින් කැමැත්ත පළ කළේ රුසියාවේ ‘ඕතඩොක්ස්’ ආගමික නායක 76 හැවිරිදි ප්‍රැටියාෂ් ක්රිල් කළ ඉල්ලීමට ගරු කරමින් යැයි ක්‍රෙම්ලීනය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
‘ඕතඩොක්ස්’ නත්තල නිමිත්තෙන් දින දෙකක පූර්ණ සටන් විරාමයකට යෑමට රුසියන් ජනාධිපති පුටින් කැමැත්ත පළ කිරීම සම්බන්ධයෙන් තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන් සිය සතුට පළ කර තිබේ.
තුර්කි ජනාධිපතිවරයා රුසියන් ජනාධිපතිවරයාට දුරකතන ඇමතුමක් දී ඉල්ලා ඇත්තේ සටන් විමාරය දින දෙකකට පමණක් සීමා නොකරන ලෙසය.
‘ඕතඩොක්ස්’ නත්තල නිමිත්තෙන් දින දෙකක සම්පූර්ණ සටන් විරාමයකට යෑමට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් තීරණය කිරීම බොරු හොඳහිත පෙන්වීමක් යැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී චෝදනා නගා තිබේ.
සැබෑ සටන් විරාමයක් ආරම්භ කිරීමට නම් රුසියානු සෙබළුන්, ඔවුන් විසින් බලෙන් අල්ලා ගනු ලැබ ඇති පළාත් සහ නගරවලින් පිටවී යා යුතු යැයි යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී අවධාරණය කර ඇත.
(ඒ.එෆ්.පී.)
2025 දෙසැම්බර් මස 18
190
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
160
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
964
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
යුක්රේනයේ දෙදින සටන් විරාමයක්