(රන්ජන් කටුගම්පොල සහ නිමන්ති රණසිංහ)
අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා ලබා දී තිබූ ඉන්දීය ණය පහසුකමින් යකඩ ද්‍රව්‍ය ආනයනය කිරීම සම්බන්ධයෙන් රාජ්‍යය වහා කරුණු පැහැදිලි කළ යුතුව ඇතැයි ශ්‍රී ලංකා නීතීඥ සංගමය අද (05) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.
ආණ්ඩුව ජනතාවට ලබාදෙන දෙන අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවාවල මිල අසාධාරණ ලෙස ඉහල දැමීම හේතුවෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇතැයි සඳහන් කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කොට තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද (05) යළි කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විනි.
ප්‍රීති පද්මන් සූරසේන, ජනක් ද සිල්වා සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම අද (05) සැලකිල්ලට ගැනින.
ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මහතා සඳහන් කර සිටියේ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා ලබා දී තිබූ ණය පහසුකමින් සියයට 30 ක ප්‍රමාණයක් වැය කරමින් යකඩ ද්‍රව්‍ය ආනයනය කර ඇති අතර ඒ බව මුදල් අමාත්‍යවරයාද පිළිගෙන ඇති බවත් මෙය කිසිසේත් අනුමත කළ නොහැකි බවත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයට දැන්වීය.
රජය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් නෙරිල් පුල්ලේ මහතා සඳහන් කර සිටියේ ආර්ථික අර්බුදය නිරාකරණය කිරීම සඳහා ගෙන තිබෙන පියවර ඇතුළත් දිවුරුම් පෙත්සම් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් සහ බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් අධිකරණයට යොමු කරනු ලැබ ඇති බවය.
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩලය අමාත්‍යාංශ ලේකම්වරු සහ නීතිපතිවරයා ඇතුළු හතළිස් දෙනකු නම් කරනු ලැබ ඇත.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
යකඩ ප්‍රශ්නය අධිකරණයටත් යයි