
(සිතුම් චතුරංග)
මුලතිව්,කේප්පාපිලව් ප්‍රදේශයේ නිවසක සවිකොට තිබු ගේට්ටුවක් ගැලවී ඊට යටවීමෙන් අවුරුදු තුනක දරුවෙක් ජිවිතක්ෂයට පත්ව ඇති බව මුලතිව්, මුල්ලියාවේලි පොලිසිය පවසයි.
එලෙස ජීවිතක්ෂයටපත්ව ඇත්තේ මුලතිව්, කේප්පාපිලව් හි පදිංචි ආදවන් ලිදුසිකන් නමැති දරුවෙකි.
මියගිය දරුවා ගේට්ටුවේ එල්ලි සෙල්ලම් කරමින් සිටි අවස්ථාවේ එකවර ගේට්ටුව ගැළවි දරුවාගේ ඇඟ මතට කඩා වැටී මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය පැවසීය.
නිරන්තරයෙන් දරුවා ගේට්ටුවේ එල්ලෙමින් එය සමඟ සෙල්ලම් කරන බවත් ගේට්ටුව සවිකර තිබූ ඇණ ගැලවීගොස් දරුවාගේ ඇඟමතට වැටී ඇති බවත් පොලිසිය සඳහන් කළේය.
ගේට්ටුව ඇඟ මතට කඩා වැටීමෙන් බරපතල තුවාල ලැබු දරුවා මුලතිව් රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජිවිතක්ෂයට පත්ව ඇති බවද පැවසේ.
දරුවාගේ සිරුර මුලතිව් මාංචෝලේ රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කොට ඇති අතර, පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව සිරුර දෙමාපියන් වෙත භාරදීමට නියමිතය.

2025 දෙසැම්බර් මස 18
527
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
269
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
යකඩ ගේට්ටුව දරුවාට මරු කැඳවයි
fairoos Thursday, 15 June 2023 01:27 PM
ඉතාම කණගාටුයි