IMG-LOGO

‘යකඩ කතාව ප්‍රබන්ධයක්‘

(සුජිත් හේවාජුලිගේ  සහ  අංජුල මහික වීරරත්න)

ඉන්දියාව අත්‍යවශ්‍ය ආහාර ලබා ගැනීම සඳහා ලබා දුන් ණය මුදලින් ඩොලර් මිලියන 750ක්  යකඩ ගෙන්වීමට වැය කර ඇතැයි  ගෙන යන  ප්‍රචාරය නිර්මාණය කළ ප්‍රබන්ධයක් බව  මුදල් හා අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ  අලි සබ්රි මහතා පාර්ලිමේන්තුවේදී අද (5) පැවසීය.

ඒ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය නිවේදනයක්  දැනටමත් නිකුත් කර ඇතැයිද ඔහු කීවේය.

අලි සබ්රි මහතා මෙසේ පැවසුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ස්ථාවර නියෝග 27 (2)  යටතේ මතු කළ ප්‍රශ්නයට පිළිතුරු දෙමිනි.

මේ අර්බුද  අවස්ථාවේදී කළ යුත්තේ එකිනෙකාට ඇඟිල්ල දිගු කිරීම නොව ප්‍රතිපත්තියක් අනුව කටයුතු කිරීම බව පැවසූ අමාත්‍යවරයා  ලෝකයේ ඉන්ධන මිල සියයට 138 කින් ඉහළ ගොස් ඇතැයිද  ප්‍රකාශ කළේ‍ය.

බදු ගෙවන්නන් ලියාපදිංචිවීම  ලක්ෂ දහයකින්ද   වැට් බදු ගෙවන්නන් 20,000 කින්ද  අඩුවී ඇතැයි  අලි සබ්රි මහතා කීවේය.

බදු ගෙවන්නන් මෙලෙස අඩුවීම විශාල ප්‍රශ්නයක් බවද ඔහු පැවසීය .

යුරියා මෙට්‍රික් ටොන් 65000ක් ගෙන්වා ගැනීමට ඉන්දීය රජය සමග සාකච්ඡා ආරම්භ කළ  බවත්  ණය සඳහා වැඩිම පොලී ගෙවන රට  ශ්‍රී ලංකාව බවත් අමාත්‍යවරයා පැවසීය.

ණය සඳහා ගෙවන පොළිය සියයට පනහක් බවද  හෙතෙම ප්‍රකාශ කළේය.

රජය  බදු ප්‍රතිසංස්කරණ පැකේජයක් හඳුන්වා දුන් බවත් සියලුම ස්ථරයන් එහිදී සැලකිල්ලට ගත් බවත්   අමාත්‍යවරයා කීවේය.

ආර්ථික අර්බුදය  ශ්‍රී ලංකාවේ  පමණක් නොව තවත් රටවල් ගණනාවක  පවතින බව පැවසූ අලි සබ්රි මහතා මෙය කොවිඩ්  සමග  වර්ධනයවූ  තත්වයක් බවද  අවධාරණය කළේය.



අදහස් (5)

‘යකඩ කතාව ප්‍රබන්ධයක්‘

Hafeel Thursday, 05 May 2022 12:51 PM

මොකද්ද මේ අලි සබ්රි කියන කතාවේ තේරුම? ඊයේ කිව්වේ ආණ්ඩුවේ වැරැදි තීන්දු තීරණ නිසා, බදු අඩුකිරීම, IMF යන්න ප්‍රමාද වුණා කියලා තමයි... අද ආර්ථිකය කඩා වැටිලා කියලා... අද කියනවා කෝවිඩ් සමග මේ තත්වය වර්ධනය වූවා කියලා. නමුත් රජයේ ඇමැති කෙනෙක් ළඟදී කියා තිබුණා... මේ ණය මුදලින් ඉන්දියාවෙන් යකඩ ගෙනාවා කියලා... මෙතන කවුද විශ්වාස කරන්නේ...?

:       0       6

Bamunuarachchi Thursday, 05 May 2022 01:07 PM

ඔය ප්‍රබන්ධ කතා අපි නිතර අහනවා. ඒ නිසා අපි සමාජ මාධ්‍ය වලින් කියන කිසිම දෙයක් විශ්වාස කරන්නේ නැත...

:       16       8

janahitha Thursday, 05 May 2022 02:49 PM

භාණ්ඩාගාරය කොල්ල කෑම අවභාවිතාව, එම කලු සල්ලි ආයෝජනය වුණු හැටි ජාත්‍යන්තර ආයතන තහවුරු කරනවා. මේවා විශ්වාසය අභිබවා ගිය සත්‍යය. අපි පෝලිමේ යමු. කන්න නැතිනම් කේක් කමු.

:       1       4

Nuwan Thursday, 05 May 2022 02:59 PM

පුරවැසිකමක් ගැන රටට බොරු බේගල් කියපු කෙනා ගැන තව මොන කතාද?

:       0       4

ravin Thursday, 05 May 2022 03:42 PM

ප්‍රබන්ධ, පද පෙරළි, පරිවර්තන ඔක්කොම අපි අහලා ඉවරයි. හැමෝම ආපසු හැරේන් කියලා ගෙදර ගියොත් නරකද? පොදු ජනයාගේ රතු කට්ට පනින කන්ද ඉන්න හදන්නේ..? අන්තිමට වෙන්නේ කාණුපල්ලේ ඉන්නයි.

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 170 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 662 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1064 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site